බුදුදහම, මිහිදු හිමියන් වැඩමවීමට පෙර සිටම ලංකාවේ?

බුදුදහම, මිහිදු හිමියන් වැඩමවීමට පෙර සිටම ලංකාවේ....!!!!





බළන්ගොඩ, කල්තොට, කූරගල, වැලිගෙපොල, දියවින්න, කිරිමකුල්ගොල්ල, හල්දුම්මුල්ල ප්‍රදේශ අශ්‍රිතව මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිස විසින් කරනු ලබන කැණිම් හා ලෙන්විහාර ආශි‍්‍රතව ඇති ශිලාලේඛන පිටපත් කිරීමේ ක්‍රියාවලියෙන් බුදුදහම මිහිදු හිමියන් වැඩමවීමට පෙර සිටම ලංකාවේ පැවතුණේද යන්න පිළිබඳව නව අදහසක් මතුකර ගන්නට සමත්ව ඇත. එම මහතා පවසන්නේ ලාංකික දඩයක්කරුවන් සාක්ෂරතාව තිබුණ ඉන්දීය ආක‍්‍රමණිකයන් හා සම්මිශ‍්‍රව කටයුතුකළ හැකි පිරිසක්ය යන්නයි. ඔවුන් මධ්‍යම කඳුකරයට බෑවුම්ව තිබෙණ කල්තොට, මෙහොර බෑවුමේ තැනිතලාව ආශි‍්‍රතව ජීවත්ව ඇතිබව පැහැදිලි වෙනවා. වසර 4400 ඉතිහාසයකට යන සුසානභූමි යකඩ තාක්ෂණය හා වළං කර්මාන්තය පිළිබඳ ඓතිහාසික සාධක කල්තොට බුදුගල ප‍්‍රදේශ ආශි‍්‍රතව පැවතුන බවට සාක්ෂි ලැබී තිබෙණවා. හල්දුම්මුල්ල වෑ එළිය වල්මීතලාව වැනි ප‍්‍රදේශයන්හි ජනාවාස ඇතිව තිබෙණවා. 
කල්තොට දියවින්න ප‍්‍රදේහයේ ඇති සෙල්ලිපි වලින් 95 % ක් අප‍්‍රකටයි. පිටපත්කර ඇත්තේ 05% ක් පමණයි. මෙම ප‍්‍රදේශයේ සෙල්ලිපි 10 ක් පමණ පිටපත් කරනු ලැබුවා. ඒවා අනුරාධපුර යුගයට අයත් කි‍්‍රස්තු පූර්ව යුගයේ ඒවා. 



ඉන් මෙරට ඉතිහාසයේ අප‍්‍රකට සැඟවුන තොරතුරු රැසක් අනාවරණය වන බවද ඒ මහතා පවසයි.

මූලාශ්‍රය :- ලක්විස්කම් වෙබ් අඩවිය
06 ජුලි 2014 
http://www.lakviskam.org

Comments