Friday, May 8, 2020
Episode 01 | Animals that have the longest period Being pregnant | Nature Of Diary
සොබාදහම හරි අපූරුයි. මිනිසුන්ට වගේම සතුන්ටත් ඔවුන්ගේ ජිවන රටාවක් මේ පරිසරය තුලම හැඩගැහිලා තියනවා.ඉතින් මේ කියන්න යන්නෙ සත්ත්ව ලෝකයේ සමහර සතුන් තම පැටවුන් බිහිකිරීමට පෙර ඔවුන්ගේ ගර්භණී කාලය මොනවගේද කියල. සත්ත්ව ලෝකයේ දීර්ඝතම ගර්භණී සමය ගත කරන සතුන් කිහිප දෙනෙකු ගැන මේ වීඩියොවෙන් ඔබට දැනගන්න පුලුවන් !
වීඩියෝව නැරඹීම සදහා මෙතනින් පිවිසෙන්න
Friday, November 3, 2017
>>>... ජෛව විවිධත්වය සුරකිමු මිහිකත සම්‍පත්...<<<
මානවයා…,මත්තේදීත්‍මේ මිහිතලයෙහි වාසය කරන තැනට සහතික කරනු ලබන්‍නේ ජෛව විවිධත්‍වය විසිනි. පථිවිය මත පවත්‍නා පරිසර පද්‍සති සියල්‍ලම එකිනෙක හා සමග හෘදයාංගමලෙස බැදී පවතී. ජෛව විවිධත්වය සතු මේ සූක්ෂම සමතුලිතතාවය බිදී ගියහොත්, මිනිසාට යහතින් මේ පොලොවෙහි ජීවත්‍වීම ගැන බලාපොරොත්‍තු තැබිය හැකි නොවේ. මිහිතලයෙහි පවත්‍නා ජීව වර්ග සියල්‍ලම ආරක්ෂාෙ කොට ගෙන පෝෂණය කල යුතු වේ. මක්‍නිසාද යත්,සිය දිවි පෙවත සාර්ථක කරගනු පිණිිස මිනිසාට ඒ ජෛව විවිධත්‍වය නැතිවම බැරි හෙයිනි. ඉතාම දුබල තණපත හෝ වේවා.,ඉතාම සුලු ජීවියා හෝ වේවා.., මිනිසාගේ පැවැත්‍ම සදහා යම්‍කිසි මෙහෙයක් ඉටු කරන්‍නේය.., ඉතාම සරල ලෙස පෙනෙන ජීවියාගේ පවා ජාන තුල සුරැකී තැන්‍පත්‍ව ඇත්‍තේ අවුරුදු දසලක්ෂ කාල සීමාවක් මුලුල්‍ලේ විවිධ අභියෝගවලට මුහුන දෙමින් පැවත ආ ආකාරය පිලිබද පාඩම් හා අත්‍දැකීම්ය.එහෙත් මිනිසා සිය අනුවණකම හේතු කොටගෙන මෙසේ තමන් හා සමග මේ මිහිතලය බෙදා හදගන්‍නා ජීව පද්‍දතිවලට පටහැනිව සටන් පටන්‍ගෙන සිටියි.
ජනගහනය සීඝ්‍ර ලෙස වැඩෙන්‍නේය. ඒ අතර වෙන අනෙක් ජිව විශේෂ පථිවි තලයෙන් අතුරුදහන්‍වන්‍නට පටන්‍ගෙන ඇත්‍තේය. විද්යාඥයින්ගේ මතය නම් ලබන දශක තුන තුලදී මිනිසා විසින් එක් දවසකට සාමාන්යයෙන් ජීව වර්ග සියයක් පමණ මිහිතලයෙන් අතුරුදහන් වන තැනට ක්‍රම යොදන බවයි.දැනට ගණන් බලා තිබෙන ආකාරයට මේ මිහිතලයෙහි ජීව වර්ග පනස් ලක්ශයකටත් ,කෝටියකටත් අතර සංඛයාවක් පවතී.එහෙත් මිනිසා විසින් මේ ජීව වර්ග සම්හාරය අතුරින් වර්ගීකරනය කොට තිබෙන්නේ හුදෙක් දහහත් ලක්ශයක් පමණි.තර්ජනයට පාත්‍රව තිබෙන මේ ජීව වර්ග සම්හාරය ඉතා අර-පරිස්සමෙන් රැක බලා ගත යුතු වේ.
ඉතාම නිර්දය ලෙස මිනිසා නසාලන මාරක රෝග මුලුනුපුටාලමින් මිනිසාගේ ආයු කාලය දීර්ඝ කිරීමේ රහස සැගවී පවතින්නේ ජෛව විවිධත්වය තුලයි.මේ ජෛව විවිධත්වය ආරක්ශා කොට ගන්නටත් , පථිවි ග්‍රහලෝකයේ ආධිපත්යෙය හිමි ජීව වර්ගයා වශයෙන් යහතින් තව කලක් පැවත සිටින්නටත් නවීන මිනිසා විසින් කල් නොයවා නිසි පියවර ගතයුතුව ඇත්තේය.
-සත්‍යය ගවේෂකයෙකි-
ස්තූතියි.
Saturday, October 7, 2017
රොයර් සින්හල වෙබ්- දිනිදු ඒකනායක සටහනක්
ක්‍රි.ව 1982 පෙබරවාරි 17 වෙනිදා ඇරඹුණු ශ්‍රී ලාංකීය ටෙස්ට් වංශකතාවට මේ වන විට වයස අවුරුදු 35 කටත් වැඩියි. අද වන විට වරෙක ලෝකයේම 2වන ටෙස්ට් කණ්ඩායම වී ඇති අපි ටෙස්ට් තරග 258 කට මුහුණ දී ඉන් 81ක් ජයග්‍රහණය කර ඇති ප්‍රෞඪ ටෙස්ට් ජාතියක්. මේ සුළු කාලය තුළදී ලෝකය එදා මෙදා තුර දුටු විශිෂ්ටම ටෙස්ට් පන්දු යවන්නාද, මේ ශතවර්ෂය මේ වන තුරු දුටු හොඳම ටෙස්ට් පිතිකරුවාද බිහි කළ අපි ලොව විශිෂ්ටම ටෙස්ට් සබඳතාව, ලොව ඉනිමක වැඩිම ටෙස්ට් ලකුණු වැනි ලෝක වාර්තාද අත්පත් කරගැනීම ගැන නිරහංකාරව සතුටු විය යුතුයි.
නමුත් මේ ජයග්‍රහණ සියල්ලටම ඇරඹුමක් තිබෙනවා. ලොව ඕනෑම ටෙස්ට් ජාතියකට සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය අත් කර ගැනීම සැබවින්ම අභියෝගයක්. එක්දින හෝ ටී 20 තරග මෙන් නොව, ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට දක්ෂතාවය, ඉවසීම, අත්දැකීම්, අවස්ථානෝචිත ප්‍රඥාව, වාසනාව, ආක්‍රමණශීලී බව වැනි ගුණාංග රාශියක් අවශ්‍ය වෙනවා. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව මුල් බැසගෙන තිබුණද ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව ලබා ගැනීමට නම් ඉතාම දිගු කාලයක් ගත වනු ඇතැයි 1981 දී ටෙස්ට් වරම් ලැබුණු පසු විචාරකයෝ මත පළ කළා. ඒ කතා වල සත්‍යතාවයක් ඇති බව පසක් කරමින් 1982-1985 කාලය ඇතුලත එකල ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ අත දරුවන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වුණේ නෑ. විශේෂයෙන්ම එක් වරක් ටෙස්ට් වරම් ලබා නොබෝ කලෙකින්ම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් ජයක් එලිපත්තට මපැමිණි ලාංකික කණ්ඩායමට එය අහිමි වන්නේ අත්දැකීම් මඳ බව නිසා.
තරගයට පිවිසුම
ශ්‍රී ලංකා නායක දුලීප් මෙන්ඩිස්-pinterest.com
1985 අග භාගයේ ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමේ අරමුණින්. මේ වන විට ඉන්දියාව එක්දින ලෝක ශූරයන්ව සිටි අතර 1932 පටන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරමින් අවුරුදු 53 ක ටෙස්ට් අත්දැකීම සහිතව සිටි අති ප්‍රබල කණ්ඩායමක්. ඔවුන්ගේ ලෝක ශූර නායකයා වන කපිල් දේව් විසින් ටෙස්ට් කණ්ඩායම මෙහෙයවනු ලැබූ අතර ශ්‍රී ලංකාව ඒ වන විට ටෙස්ට් තරග 12 කට පමණක් සහභාගී වී සිටි නවක කණ්ඩායමක්. ශ්‍රී ලංකාව දුලිප් මෙන්ඩිස් විසින් මෙහෙයවන්නට යෙදුණු අතර ඉන්දියාවේ බලාපොරොත්තුව වුණේ ඉතාම පහසු ටෙස්ට් ජයග්‍රහණ 3ක් සිය සාක්කුවේ දමා ගැනීමයි. ඔවුන්ට ඇති වූ එකම ප්‍රශ්ණය වූයේ ‘ඉනිමකින්’ ජයග්‍රහණ කීයක් ලබාගත හැකි වෙයිද යන්නයි.
ඉන්දියානු නායක කපිල් දේව් -cricketcountry.com
ඉන්දියානුවන්ගේ සිහිනය හිතන තරම් ලෙහෙසියෙන් උදා කර දී මට තමන් සූදානම් නැති බව ඔප්පු කළ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ එස්.එස්.සී පිටියේ පැවති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා කරගන්නවා. එහිදී ඉනිම් දෙකේදීම ඉන්දියාව ලකුණු 300ට අඩුවෙන් දවා ගන්නා ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 347ක් ලබා ගන්නවා. පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ අසන්ත ද මැලුත්, රුමේශ් රත්නායකත් සිය මංගල තරගය ක්‍රීඩා කරන සාලිය අහංගමත් ඉන්දියානුවන්ගේ ඇස් රතු කරන්නේ ලාංකීය වේග පන්දුවේ මහිමය ලොවට කියා පාමින්. මනරම් ශතක දෙකක් රැස් කළ රන්ජන් මඩුගල්ලේ හා විසි එක් වියැති අර්ජුන රණතුංග ශ්‍රී ලාංකික ඉනිම වර්ණවත් කරනවා. මෙසේ වැඩි ගෞරව සහිතව පළමු ටෙස්ට් තරගය නිමා කරගන්න ශ්‍රී ලංකා පිළට ලෝක ශූරයන් ඉදිරියේ පෑ එම දක්ෂතාවය තරගය ජයග්‍රහණය කිරීම හා සමාන වුණා. ඒ කාලයේ සිහිනයක්ව පැවති ටෙස්ට් ජයග්‍රහණයක් නොලැබුණේ මුත් මේ ‘වැඩි ගෞරව සහිතව ජය පැරදුමෙන් තොරව නිමා කර ගැනීම’ ශ්‍රී ලාංකිකයන් සතුටින් සැමරූ අතර ජාත්‍යන්තරයේද ඇගයීමට ලක් වුණා.
1985 සැප්තැම්බර් 6 වෙනිදා දෙපිල කොළඹ පී. සරවනමුත්තු පිටියේදී මුණගැසෙන්නේ පළමු ටෙස්ට් තරගයෙන් පසු එක් විවේකී දිනයක් පමණක් ගත කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගය සඳහා නවක ක්‍රීඩක සංජීව වීරසිංහ කැඳවා තිබුණු අතර නායකත්වය දුලිප් මෙන්ඩිස්ට පැවරී තිබුණා. පිතිකරුවන් වශයෙන් සිදත් වෙත්තමුණි, අමල් සිල්වා, රන්ජන් මඩුගල්ලේ, රෝයි ඩයස්, අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා නම් කර තිබුණු අතර රුමේශ් රත්නායකත් සාලිය අහංගම හා අසන්ත ද මැලුත් වේගපන්දුව සඳහා නම් කර තිබුණා. ඉන්දියාව සුපුරුදු පරිදි කපිල් දේව්ගේ නායකත්වයෙන් හා ක්‍රිෂ්ණචාමරී ශ්‍රීකාන්ත්, මොහොමඩ් අසාරුඩීන්, දිලිප් වෙන්සාකර්, මොහන්දීර් අමරනාත්, රවී ශාස්ත්‍රී හා සුනිල් ගවස්කාර් වැනි ලෝක ප්‍රසිද්ධ පිතිකරුවන්ගෙන් ද චේතන් ශර්මා හා ලක්ෂ්මන් ශිවරාමක්‍රිෂ්ණන් වැනි දක්ෂ පන්දු යවන්නන්ගෙන් ද සන්නද්ධ අති ප්‍රබල කණ්ඩායමක් වුණා.
කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කරයි
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දුලිප් මෙන්ඩිස් විසින් මුලින් පන්දුවට පහර දීමට තීරණය කරනවා.පළමුවැනි දිනයම ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබෙන්නේ ඉතාම සෙමෙන් ගලා ගිය ශ්‍රී ලංකා පළමු ඉනිමයි. දිනය නිමා වන විට ඉතාම සෙමෙන් නමුත් ස්ථාවට තත්ත්වයක සිටි ශ්‍රී ලංකාව කඩුළු 1 ක් දැවී ලකුණු 168ක් රැස් කර ගෙන තිබුණේ නැවතත් ජය පැරදුමෙන් තොර ටෙස්ට් තරගයක් වෙත යාමේ ලකුණු පෙන්නුම් කරමින්. මේ වන විට ආරම්භක පිතිකරු අමල් සිල්වා හා රන්ජන් මඩුගල්ලේ පිටියේ නොදැවී රැඳී සිටියා.
රන්ජන් මඩුගල්ලේ අද ලෝකයේ විශිෂ්ටතම තරග තීරක වරයෙක්-icc-cricket.com
ක්‍රීඩාශීලී දෙවන තෙවන හා තෙවන දින
දෙවන දිනයේ ආරම්භය ශ්‍රී ලාංකිකයන්ට සතුටුදායක එකක් වෙන්නේ අමල් සිල්වා ශතකයකුත් (111) රන්ජන් මඩුගල්ලේ අර්ධ ශතකයකුත් (54) ලබා ගන්නා නිසා. මීට අමතරව නායක දුලිප් මෙන්ඩිස් අර්ධ ශතකයකිනුත් (51) තාක්ෂණයෙන් පරිපූර්ණ රෝයි ඩයස් ලකුණු 95 කිනුත් ශ්‍රී ලාංකීය ඉනිම සරසනවා. නමුත් ශ්‍රී ලංකා ඉනිමේ අවසාන භාගය කඩා වැටීමකට ලක් වෙන්නේ අවසාන කඩුලු 6ම ලකුණු 17 කට බිඳ වැටෙමින්. ශ්‍රී ලංකා පළමු ඉනිම සතුටු දායක ලකුණු සංඛ්‍යාවක් වන 385 කට සීමා වෙනවා. දෙවනි දිනය නිමා වන්නේ තරගය තව දුරටත් ශ්‍රී ලංකාව දෙසට තල්ලු කරමින් ඉන්දීය පළමු ඉනිමේ මුල් කඩුළු තුනම ලකුණු 6ක් වැනි සංඛ්‍යාවකට බිඳ වැටෙමින්.
තුන් වැනි දිනය ආරම්භ වන විට ලාංකීය පිළ ඉන්දියානු පළමු ඉනිම ඉතා අඩු සංඛ්‍යාවකට සීමා කිරීමට සිහින මවනවා. නමුත් අත්දැකීම බහුල ක්‍රිෂ් ශ්‍රීකාන්ත් හා සුනිල් ගවස්කාර් එක්වී බිඳ වැටුණු ඉන්දීය ඉනිම නැවත ගොඩ ගනන්වා. දෙදෙනාම අර්ධ ශතක ලබාගන්නා අතර තුන් වන දිනය නිමා වන විට ඉන්දීය ලකුණු පුවරුව දැක්වෙන්නේ කඩුළු 6 ට ලකුණු 210 ක් හැටියටයි.
විවේක දිනයෙන් පසු ක්‍රීඩා කළ සිවු වැනි දිනය
තරගයේ සිවු වැනි දිනයට පෙර උදා වූ සැප්තැම්බර් 9 වෙනිදා විවේක දිනයක්. සැප්තැම්බර් 10 වෙනිදා සිවු වැනි දිනය සඳහා පිටියට බට ඉන්දියානුවන්ගේ අභිප්‍රාය වන්නේ හැකිතාක් දුරට සිය පළමු ඉනිම ඇදගෙන යාමයි. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුවට වැට කඩුළු බඳිමින් ක්‍රියාත්මක වන ලාංකීය වේගපන්දු බල ඇණිය ඉන්දීය පළමු ඉනිම ලකුණු 244 කට සීමා කරනවා. රුමේෂ් රත්නායක කඩුළු 4ක්ද, නවක ක්‍රීඩක සාලිය අහංගම කඩුළු 3ක් ද අසන්ත ද මැල් කඩුළු 2ක් ද දවාගෙන ඉන්දීය ඉනිම සුණු විසුණු කරනවා.
අරවින්ද, අර්ජුන, රන්ජන් මඩුගල්ලේ හා රුමේෂ් රත්නායක පළමු ටෙස්ට් ජයග්‍රහණයට උර දුන් සිවු දෙනෙක්-cricketcountry.com
ලකුණු 141ක විශාල පළමු ඉනිමේ වාසියක් සමඟ දෙවනි ඉනිම සඳහා පිටියට බසින ශ්‍රී ලාංකික පිතිකරුවෝ බලාපොරොත්තු වෙන්නේ වේගයෙන් ලකුණු රැස් කර හොඳ ලකුණු සංඛ්‍යාවකට ගොස් හැකි ඉක්මණින් දෙවනි ඉනිම සඳහා ඉන්දියානුවන්ව කැඳවීමටයි. ඒ බලාපොරොත්තුව සාර්ථක කර ගන්නා ඔවුන් පන්දු ඕවර 53ක් තුළ ලකුණු 206ක් ලබා ගන්නේ කඩුළු 3ක් පමණක් දැවී. ඉන්දියානු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ විසි හැවිරිදි අරවින්ද ද සිල්වා (75) හා රෝයි ඩයස් (60 නොදැවී ) අර්ධ ශතක දෙකක් ලබා ගන්නේ ලකුණු 348 ක ජයග්‍රාහී ඉලක්කයක් ප්‍රතිවාදීන්ට දිනය නිමාව ආසන්න වන විට ලබා දීමට හැකි ලෙසයි. දිනයේ අවසන් භාගයේදී නැවත පිටියට බසින්නට සිදු වෙන ඉන්දියානු ආරම්භක පිතිකරුවන් දිනය නිමා වන විට සිය කඩුළු ආරක්ෂා කර ගත්තද ලකුණු ලබා ගන්නේ 16ක් පමණයි.
ශ්‍රී ලංකාවට සොම්නස ගෙනා අවසන් දිනය
තරගයේ අවසාන දිනය වන විට ජයග්‍රහණයේ සේයා ශ්‍රී ලංකා ක්ණ්ඩායම වෙත වැටී තිබුණත් ඉන්දීය කණ්ඩායමේ අත්දැකීමුත්, ශ්‍රී ලංකා කණ්ඩායම මින් පෙර ටෙස්ට් ජයක් නොලබා තිබීමත් නිසා බොහෝ විචාරකයන් පෙරැයීම් කළේ ජය පරාජයෙන් තොර තීරණයක් තරගය අවසානයේ ලැබේ යයි කියායි. නමුත් පස්වන දින ආරම්භයේදීම ඉන්දීය පිතිකරුවන් 4 දෙනෙක්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලාංකීය වේග පන්දු යවන්නන් සමත් වෙනවා. ලකුණු පුවරුව 84 ට 4ක් ලෙස සටහන් වූවත් ඒවන විටත් වැඩි බර තිබුණේ තරගය ජය පරාජයෙන් තොර වන පැත්තටයි. නමුත් එක් වරම ශ්‍රී ලංකා පිළේ වේගපන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක දෙවරක්ම ක්‍රියාත්මක වී ගවස්කාර් හා අමරනාත් ක්‍රීඩාගාරය වෙත හරවා යවනවා. වැඩි වේලාවක් යන්නට මත්තෙන් ක්‍රියාත්මක වන සාලිය අහංගම රවි ශාස්ත්‍රී ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නේ ඉන්දියානුවන් අන්ත අසරණ කරමින්. මේ වන විට ලකුණු පුවරුව 97-8 ක් ලෙස දිස් වූ අතර දුර්ලභ ටෙස්ට් ජයග්‍රහණයක මිහිරි සිහින වලින් ශ්‍රී ලංකා කණ්ඩායමද ප්‍රේක්ෂකයන්ද අමන්දානන්දයට පත් වී සිටියා නිසැකයි.
ලක්ෂ්මන් ශිවරාමක්‍රිෂ්ණන්-wisdenindia.com
නමුත් මේ අවස්ථාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත භාවය කියා පාමින් ඉන්දියාව වෙනුවෙන් ඔවුන්ගේ නායක කපිල් දේව් සටන්කාමී ඉනිමක් ගොඩ නඟන්නට පටන් ගන්නවා. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් දොම්නසට ඇද දමමින් ඔහු ලක්ෂ්මන් ශිවරාමක්‍රිෂ්ණන් සමඟ එක් වී 8 වෙනි කඩුල්ලට ලකුණු 70 ක සබඳතාවයක් දියත් කරන්නේ සෑහෙන්නට පන්දුද වැය කරමින්, ශ්‍රී ලාංකීය ටෙස්ට් ජයග්‍රහණ සිහිනය මඳින් මඳ බොඳ කරවමින්. අවසානයේ ඉතාම තීරණාත්මක අවස්ථාවක ක්‍රියාත්මක වන අසන්ත ද මැල් ශිවරාමක්‍රිෂ්ණන් ව දවාගන්නවා. වැඩි වේලා යන්නට පෙර 9 වෙනි කඩුල්ලද අහංගම විසින් ලබා ගන්නේ ජයග්‍රහණයේ බලාපොරොත්තු නැවතත් දල්වමින්.
සිහිනය සැබෑ වෙයි
ජයග්‍රාහී මොහොත -youtube.com
අවසාන කඩුල්ල හිතූ තරම් ඉක්මණින් ලබා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වන්නේ නෑ. අවසාන පිතිකරු වන චේතන් ශර්මා සමඟ තවත් ලකුණු 30 ක සම්බන්ධතාවක් පැවැත්වීමට ඉන්දීය නායක කපිල් දේව් සමත් වෙන්නේ ලාංකීය පන්දු යවන්නන් වෙහෙසටත් කනස්සල්ලටත් පත් කරමින්. එහෙත් අවසානයේ ඒ ස්වර්ණමය මොහොත උදා වෙනවා. රුමේෂ් රත්නායක එවූ පන්දුවක් හරි හැටි තෝරා බේරා ගත නොහැකි වූ කපිල් දේව් ඩ්‍රයිව් පහරකට උත්සාහ කරනවා. පන්දු යැවූ රුමේෂ් එක් වරම දකින්නේ නොසිතූ ලෙස තම පසෙකින් පපුව මට්ටමින් පමණ ඉහළකින් ඇදී යන පන්දුවයි. වහා ඒ දෙසට පනින ඔහු සිය සුරතින් සුරැකිව එම උඩපන්දුව රැක ගන්නවා. දේව්ලකුණු 78කට ඉන්දීය පිළේ අවසන් කඩුල්ල ලෙස දැවී යනවා. ප්‍රේක්ෂක ඔල්වරසන් මැද්දේ ශ්‍රී ලංකා පිළට ලකුණු 149ක දැවැන්ත ජයග්‍රහණයක්ලැබෙන්නේ අනාගතයේ ක්‍රිකට් වංශ කතාව උඩු යටිකුරු කරන ජාතියක ආරම්භක වෙඩිමුරය ලෝකයා හමුවේ තබමින්.
https://www.youtube.com/watch?v=ZzjADrcppzg – (රුමේෂ් රත්නායක ජයග්‍රාහී උඩපන්දුව රැකගනිමින්- youtube.com)
ශ්‍රී ලාංකීය ටෙස්ට් ජයග්‍රහණ වංශ කතාව ඇරඹුණු වගයි
ලාංකීය ජනතාව මේ ටෙස්ට් ජයග්‍රහණයත් සමඟ ප්‍රීතියෙන් ඇළලෙනවා. එවලට ශ්‍රී ලංකා ජනපති ජේ. ආර් ජයවර්ධන මැතිඳුන් ඊට පසු දින රජයේ නිවාඩුවක් බවට පත් කරනවා. තෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගන්නා ශ්‍රී ලංකා පිල තරගාවලිය 1 ට 0ක් ලෙස ජයගන්නේ ඉන්දියානුවන්ට අනපේක්ෂිත පරාජයක් ගෙන දෙමින්.
මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳ රටේ ජනතාවගේ තිබූ උනන්දුව දෙගුණ තෙගුණ වෙනවා. විශේෂයෙන්ම ගම් නියම් ගම් වල දෙමව්පියන් සිය දරුවන් ක්‍රිකට ක්‍රීඩාවට යොමු කරනවා. සනත් ජයසූරිය වැනි ග්‍රාමීය පසුබිමින් පැමිණි විශිෂ්ටයන් ලංකාවට හමු වෙන්නේ එලෙසින්. එදා ක්‍රිකට් ලොව අත දරුවන් වූ මේ පුංචි දිවයින 1985 ගත් එම පන්නරයෙන් ඊට අවුරුදු 11 කට පසු 1996 දී ජගත් එක්දින ලෝක ශූරයන් ලෙස කිරුළු පළඳින්නේ ක්‍රිකට් ලොව පතාක යෝධයින් වන ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් අභිබවමින්.
1- (කවරයේ පින්තූරය – espncricinfo.com)
මූලාශ්‍ර
- espncricinfo.com
- cricketcountry.com
https://roar.media/sinhala
7th September 2017
Tuesday, June 27, 2017
ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමතිද? කොහොමද කරන්නේ, කොච්චර වියදම් වෙනවද, මොනවගේ අවශ්‍යතාවයන්ද වැදගත්, කොපමණ කාලයක් යයිද, රස්තියාදු වෙන්න වෙයිද? ප්‍රශ්න ගොඩයි නේද? ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම විසඳගන්න ඕනේ නම්, කරදරයක් නැතුව මේ වැඩ ටික නියමාකාරයෙන් කරගැනීමට අවශ්‍යනම් මෙන්න මේ ලිපිය කියවන්න.
ශ්‍රී ලංකාව තුල පෞද්ගලික සමාගම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපාර මාර්ගෝපදේශනය.
ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඔබේ සිහිනයක් විය හැකිය. නමුත් ඒ තුලින් අනපේක්ෂිත පාඩු හා මූල්‍ය අලාභ ඇතිවේ නම්, එය නපුරු සිහිනයක් බවට පත්වනු ඇත. ඔබේ ව්‍යාපාරය සංස්ථාගත කිරීම හරහා පෞද්ගලික වත්කම් සහ වගකීම් ව්‍යාපාරයේ වත්කම් සහ වගකීම්වලින් වෙන් කර දැක්වීම තුලින් ඔබගේ සුරක්ෂිතභාවය තහවුරු වනු ඇත.
ඔබ දැනටමත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්නම් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, එම ව්‍යාපාර නාමය සංස්ථාගත කිරීමෙන් ඔබට බොහෝ දේ කල හැකිය.
ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේනම් එහි නාමය බොහෝ විට ඔබේ නම විය හැකිය. නමුත් වෙනත් ආවේණික නමකින් ඔබ ඔබේ ව්‍යාපාරයේ වෙළෙඳ කටයුතු සිදුකරන්නේ නම් එම නාමය ලියාපදිංචි කිරීමෙන් වෙළෙඳපල තුළ අද්විතීය ස්ථානයක් හා ආරක්ෂාවක් හිමි වේ. අනන්‍ය වූ ව්‍යාපාර නාමයක් ප්‍රධාන අලෙවි උපාය මාර්ගයක් මෙන්ම,
– බලපත්‍ර සහ අවසර ලබාගැනීමට
– දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග බදු සම්බන්ධයෙන් ලියාපදිංචි වීමට
– බැංකු ගිණුමක් ආරම්භ කිරීම සඳහා හෝ අවශ්‍ය බැංකු කටයුතු සඳහා
ඉතා වැදගත් වනු ඇත.
නෛතික වශයෙන් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය වන බොහොමයක් ව්‍යාපාර සංවිධාන ඇත.කෙසේ වුවත් මෙහිදී අප අවධානය යොමු කරනු ලබන්නේ සීමිත පෞද්ගලික සමාගම් සම්බන්ධව පමණි.

ඔබේ ව්‍යාපාර නාමය සඳහා අනුමැතිය ලබාගැනීම.
ඔබටම අනන්‍ය වූ සමාගම් නාමයක් සෙවීමේදී සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට අපි සුදානම්ව සිටිමු. . කෙසේවුවත් ඔබ විසින් තෝරාගනු ලබන සමාගම් නාමය මාස 3 ක් සඳහා වලංගු වනු ඇත.(රු.2000+ වැට් 15%)
සමාගම ලියාපදිංචි කිරීමේ පෝරම් ඉදිරිපත් කිරීම
ව්‍යාපාර නාමය සදහා අනුමැතිය ලබා ගැනීමෙන් පසු, ආකෘති පත්‍ර අංක 1, 18, සහ 19 ඉදිරිපත් කිරීම සිදුකළ යුතුය.මෙම සියලු ආකෘති පත්‍ර මුද්‍රණය කර තිබීම අවශ්‍ය වනු ඇත.අතින් ලියන ලද ආකෘති පත්‍ර ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත.. (වගන්තිය 475). ඔබේ පහසුව සදහා එම ආකෘති පත්‍ර පහතින් අමුනා ඇත.
ආකෘති පත්‍ර 1 – සමාගම ලියාපදිංචි කිරීම. (රු .4,000 + VAT 15% )
ආකෘති පත්‍ර 18 -අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශය. (රු .2000 + VAT 15% .)
ආකෘති පත්‍ර 19 – ලේකම් / ලේකම්වරුන්ගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශය. (රු .2000 + VAT 15% .)
ආකෘති පත්‍ර 18 -අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශය. (රු .2000 + VAT 15% .)
ආකෘති පත්‍ර 19 – ලේකම් / ලේකම්වරුන්ගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශය. (රු .2000 + VAT 15% .)
සංගමයේ ලිපි ඉදිරිපත් කිරීම.(Submitting Article of Association)
සමාගමක් විසින් ලිපි ඉදිරිපත් කිරීම සමාගම් පනතේ A වගුවෙහි සදහන් ආකාරයට හෝ තමන් විසින් සකසාගත් සුදුසු ආකෘතියක් අනුව සිදුකළ යුතුය. එ අනුව පිටපත් දෙකක් ඉදිරිපත් කල යුතුවේ.
(රු. 2000 + VAT 15%)
(රු. 2000 + VAT 15%)
සංස්ථාගත කිරීම පිළිබඳ ප්‍රසිද්ධියට පත් කිරීම.
සංස්ථාගත කිරීමේ ක්‍රියාවලියෙහි අවසන් අදියර වනුයේ මහජන දැනුම්දීමයි. මෙය සාමාන්‍යයෙන් දේශීය පුවත්පතක කුඩා දැන්විමක් පළ කිරීම තුලින් සිදු කල හැකිය.මෙහිදී සමාගමේ ලියාපදිංචි අංකය, සමාගමේ නම හා ලියාපදිංචි කාර්යාල ලිපිනය ඇතුළත් විය යුතුය. මෙම දැනුම්දීම අවම වශයෙන් ගැසට් පත්‍රයේ හා ව්‍යාපාරික ප්‍රදේශය තුල දිනපතා පළවන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පතක පළ කිරීම සිදුකළ යුතුවේ.
(රු.8’500)
(රු.8’500)
simplebooks ආයතනය ඉන්න අපේ යාලුවෝ මේ සියල්ල ඔබ වෙනුවෙන් කරලා දෙනවා!
විස්තරය බලාගැනීමට හෝ අවශ්‍ය සහය ලබාගැනීමට, simplebooks ආයතනයේ ඉන්න අපේ යාලුවෝ එක්ක කතා කරන්න!
විස්තරය බලාගැනීමට හෝ අවශ්‍ය සහය ලබාගැනීමට, simplebooks ආයතනයේ ඉන්න අපේ යාලුවෝ එක්ක කතා කරන්න!
Coppyright by Sira.lk 2017
Sunday, June 25, 2017
ලෝකයම එකම ගම්මානයක් බවට පත්කරමින් චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණ සංකල්පයේ පියා බවට පත් වූ කීර්තිමත් විද්‍යා ප්‍රබන්ධ ලේඛක ආතර් සි ක්ලාක් පිළිබඳව ලිපියක් ගෙන එන්නට අප අදහස් කළා.
විද්‍යා සාහිත්‍ය වෙනුවෙන් ඉතා විශාල පොත් හා ලිපි ගණනාවක් ලියා ඇති ක්ලාක් විද්‍යා අනාවැකි කරුවෙකු ලෙස විවිධ ක්ෂේත්‍ර වලින් කැපී පෙනුණු අතර විශේෂයෙන් මොහු අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් වන්නේ 1945 වසරේදී “වයර් ලස් වර්ල්ඩ්” (Wireless World) සඟරාවට ලිපියක් යවමින් චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිතා කරමින් කළ හැකි අන්තර් මහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ වන “භූ ස්‌ථාවර චන්ද්‍රිකා” සංකල්පය ඉදිරිපත් කිරීම හේතුවෙන්.
ඉතින් අද ලිපියේ ඉඩ විවර වෙන්නේ 50 දශකයෙන් පසු තම ජිවිතයේ වැඩිම කාලයක් ලංකාවේ ගතකල ආතර් සි ක්ලාක් හෙවත් ආතර් චාල්ස් ක්ලාක් පිළිබඳවයි.
මිතුරන් සමඟ එක් වී රොකට් නිර්මාණය කල කුඩා ක්ලාක්

කුඩා ක්ලාක් (Open Minds!)
චාල්ස් රයිට් ක්‌ලාක් හා නෝරා මේරි යන දෙමවුපියන්ට දාව 1917 දෙසැම්බර් 16 වනදා බටහිර එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්තයේ “මයින්හෙඩ්” ප්‍රදේශයේ උපත ලබන ආතර් චාල්ස් ක්ලාක් දරුවන් සිවු දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා විය. මූලික අධ්‍යාපනය සමර්සෙට් ප්‍රාන්තයේ හුයිෂ්ස් හා ග්‍රැමර් ස්‌කූල් නම් පාසල් වලින් ලබා ගන්නා ක්ලාක්ට වයස අවුරුදු 13ක් වන විට සිදු වූ පියාගේ අභාවය හේතුවෙන් වැඩිමලා ලෙස පවුලේ සියළුම බර දරන්නට සිදු වෙනවා. මේ හේතුවෙන් ඔහුට අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නට වන්නේ මහත් බාධා හා කරදර මධ්‍යයේයි.
පියාගේ ගොවිපොළේ වැඩ කරමින් තම යහළුවන් සමඟ රොකට් නිර්මාණය කිරීමට ආශාවක් දැක්වූ කුඩා ක්ලාක් එම අවධියේ පටන්ම පුවත් පත් හා සඟරා වලට ලිපි ලිවීමට නැඹුරුවක් දක්වනවා. එලෙසම එකළ කනිෂ්ට අභ්‍යවකාශ විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකයෙකුද වෙනවා.
දෙවන ලෝක යුද්ධය හා ඉන් පසුව

හමුදා නිළධාරියෙක් ලෙස (The British Interplanetary Society)
දෙවන ලෝක යුධ සමයේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥයකු ලෙස කටයුතු කරන ක්ලාක් එහිදී පෙර දැනුම් දීමේ රේඩාර් ආරක්ෂක පද්ධතිය හා සම්බන්ධ වෙනවා. මෙහිදී ක්ලාක් විසින් තම තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් කල කාර්යන් හේතුවෙන් කෝප්‍රල් නිලයේ සිට පියාසර ලුතිනන් ධූරය දක්වා උසස්වීම් ලබනවා. 1943 සිට යුද්ධයේ අවසන් වනතුරු Royal Air Force Honiley හි ප්‍රධාන පුහුණු උපදේශක ලෙස කටයුතු කරන්නෙත් ක්ලාක්.
යුද්ධය අවසන් වීමත් සමඟම 1948 වසරේදී ලංඩනයේ King’s College සරසවියෙන් පළමු පෙළ පන්ති සාමාර්ථයක් සහිතව භෞතික විද්‍යාවේදී උපාධිය සම්පුර්ණ කරනවා. අනතුරුව British Interplanetary Societyහි සභාපති ධූරය දරමින් වසර ගණනාවක් අනාගත අභ්‍යවකාශ තරණය පිළිබඳ වැඩිදුර පර්යේෂණ දියත් කරමින් සිටිනවා.
ආතර් සි ක්ලාක් නම් මේ විද්‍යා ප්‍රබන්ධකරුවා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වන්නේ 1945 වසරේ ඔක්තෝම්බර් මාසයේදී Wireless World නම් තාක්ෂණික සඟරාව මඟින් පල කරන ලද ඔහු විසින් ලියූ භූ ස්‌ථාවර චන්ද්‍රිකා සංකල්පය අඩංගු වූ ලිපිය හේතුවෙන්. එම ලිපියේ සඳහන් වූයේ පෘථිවියට කිලෝ මීටර් 22,300 ක් ඉහළ අභ්‍යාවකාශයේ භූ ස්ථාවර කක්ෂයේ අංශක 120 ක පරතරයක් ඇතිව පැයට සැතපුම් 7000 ක වේගයකින් පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකා මධ්‍යස්ථාන තුනක් පිහිටුවීම තුලින් මුළු ලෝකයම ආවරණය වන පරිදි සන්නිවේදන ජාලයක් පිහිටුවිය හැකි බවයි.
නමුත් එකල පැවති තාක්ෂණික දියුණුව හා සසඳන විට එය සිතා ගැනීමටවත් නොහැකි තරමේ විය. කෙසේ වෙතත් එම සංකල්පය අනුව අද වනවිට මුළු ලොවම එකම සන්නිවේදන ජාලයක් මෙන්ම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තිබෙනවා. ක්ලාක්ව චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා (Father of the Communication Satellite) ලෙස හැඳින්වීමට තරම් මෙම සංකල්පය හදුන්වා දීම හේතු වෙනවා.
ශ්‍රී ලංකාවට පැමිණීම

ආතර් සි ක්ලාක් (Bio.com)
කිමිදීම හා සාගර ගවේෂණය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කල ක්ලාක් 1954 වසරේ දෙසැම්බර් මාසයේදී කොළඹ වරායට ගොඩ බසින්නේ ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ගවේෂණය කිරීමට යන අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකාවේ පිහිටීමට හා වෙරළාශ්‍රිත කලාපයට මහත් ඇලුම් කළ මොහු 1955 වසරේදී නැවත ලංකාවට පැමිණෙන්නේ ගවේෂණ කිහිපයකටයි. 1956දී ශ්‍රී ලංකාව තම ස්ථිර පදිංචිය සඳහා ඔහු විසින් තෝරා ගන්නවා. රටේ සමාජීය හා ආර්ථික ක්ෂේත්‍රයට මෙහෙවරක් ඉටුකරන විදේශ පුද්ගලයින්ට 1975දී ශ්රී ලංකා රජය හඳුන්වා දුන් විශේෂ ප‍්‍රතිපත්තියක් යටතේ Resident Guest යන තත්වය ක්ලාක්ටද හිමි වෙනවා.
විද්‍යා ප්‍රබන්ධ

Space Odyssey චිත්‍රපටයේ දර්ශනයක් (The Red List)
කලාක් විසින් ලියූ විද්‍යා ප්‍රබන්ධ ගණන 100කට ආසන්නයි. ඔහුගේ පොත් අතර 1954 දී ලියූ “2001” කෘතිය විදුලොව වැලැඳගත් කෘතියක් ලෙස නම් කල හැකියි. ඊට අමතරව 2010 – 2 වැනි අභ්‍යවකාශ චාරිකාව (2010 Odyssey Two), 2061 – තුන් වැනි චාරිකාව (2061 Odyssey Three), 3001 වැනි ජනප්‍රිය ප්‍රබන්ධ සිංහලයට පවා පරිවර්තනය වී තිබේ. මෙයින් ක්‌ලාක් ගේ 2001, 2010 විද්‍යා ප්‍රබන්ධ ඇසුරු කරගෙන නිර්මාණය වූ Space Odyssey 1 හා Space Odyssey 2 වාර්තාගත අදායම් උපයනවා.
මෙම ප්‍රබන්ධ වලදී ඉදිරිපත් කල DNA නම් සෛලගත ද්‍රව්‍ය විශ්ලේෂණය මගින් ජීව විද්‍යාත්මක සාක්‍ෂි ලබාගත හැකි බව, වෘත්තීය අපරාධකරුවන් හදුනාගැනීමට ඉලෙක්‌ට්‍රොනික තාක්‍ෂණයෙන් හැකි බව හා මිනිසකු ඉහළ අභ්‍යවකාශයට ගිය විට මිනිසා ජලයේ කිමිදීමේ අවස්ථාවට සමාන තත්ත්වයක් හා බර රහිත තත්ත්වයක් අත්වෙන බව වැනි කරුණු සඵල අනාවැකි බවට පත් වෙනවා.
සම්මාන

විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන සමඟ (Open Mind)
1959දී පිහිටුවන ලද ශ‍්‍රී ලංකා තාරකා විද්‍යා සංගමය (Sri Lanka Astronomical Association) පිහිටුවීමට මුල් වන්නේත් එහි ආරම්භක සභාපති ලෙස මෙරට තාරකා විද්‍යා කටයුතු හා පර්යේෂණ ඉහළ නැංවීමට ක්‍රියා කරන්නේ ක්ලාක් වන අතර 1979දී පමණ මෙරටට රූපවාහිනී මාධ්‍යය හඳුන්වා දීමට තාක්‍ෂණික උපදෙස් ලබා දෙනවා.
ඔහුගේ සේවය අගය කරමින් දෙස් විදෙස් සම්මාන රාශියක් හිමි වූ අතර ඒවා අතුරින්,1962 වසරේදී යුනෙස්කෝව මගිනි පිරිනැමූ “කාලිංග සම්මානය”, 1973,1974,1979 යන වසරවලදී පිරිනැමුණු නොබියුලා සම්මානය, 1979 දී “ගැලැක්සි සම්මානය”,1982 දී “මාකෝනි සම්මානය ”,1987දී “චාර්ල්ස් ඒ ලින්ඩ්බර්ග් සම්මානය” ,1989 දී බ්‍රිතාන්‍ය රැජිණ විසින් ලබා දුන් නයිට් පදවිය හා 1986 දී ශ්රී ලංකා රජයේ “විද්‍යාජෝති සම්මානය” ආදිය ඔහු ලබාගත් සම්මාන අතරින් කිහිපයක්. සම්මාන ලබා ගැනීමට අමතරව ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක් 1979 සිට 2001 වසර දක්‌වා දශක දෙකකට වැඩි කාලයක් මොරටුව විශ්වවිද්‍යාලයයේ කුලපතිවරයා ලෙසද කටයුතු කරනවා.
ශ්‍රී ලංකා යන නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට මහගු සේවාවක් කල ක්ලාක් නම් මෙම මහා ප්‍රාඥයා 2008 වසරේ මිය යන්නේ වයස අවුරුදු 90 ක් භුක්ති විදීමෙන් පසුවයි. ඔහු ඉල්ලා සිටි පරිදි 2008 මාර්තු 22 වනදා සිරුර මිහිදන් කරනු ලබන්නේ නිරාගමික හා රාජ්‍ය අනුග්‍රහයකින් තොරවයි. එදින ශ්‍රී ලංකාවේ සියළුම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා විනාඩි 3කට තම විකාශනයන් නවත්වා මේ අසහාය විද්‍යාඥයාට සිය ගෞරවය පිරිනමනු ලබනවා.
Roar Sinhala
Lasantha Kularatna
Contributor
කවරයේ ජායාරූපය – Known people
මුලාශ්‍ර – Wikipedia, www.clarkefoundation.org, www.biography.com, sundaytimes.lk, www.rupavahini.lk
ඵලදායිතාවය පිළිබඳ පංචවිධ සංකල්පය වන 5S ජපානයේ උපත ලද්දකි. මෙම සංකල්පය ජපානය තුළ ක්‍රමවත්ව හඳුන්වා දීමට පෙරද බොහෝ ජපන් වැසියන් එම සංකල්පය අතීතයේ සිටම ක්‍රියාත්මක කළෝය. නමුත් මෙය ඵලදායිතාවය ඉහළ නැංවීමේ ක්‍රමයක් ලෙස ප්‍රචලිත වුයේ ජපානය එය මහා පරිමාණයෙන්, විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමත් සමගය. 5S සංකල්පය උපයෝගී කර ගනිමින් ජපානය ඉතා ඉක්මනින් දියුණු වන සැටි දුටු ආසියාතික කලාපයේ රටවල් වන සිංගප්පුරුව, මැලේසියාව, දකුණු කොරියාව, තායිවානය ආදී රටවල්ද මෙය අනුගමනය කරමින් ඉතා හොද ප්‍රතිපල ලබාගත්හ.
මොකද්ද මේ 5S?
5S ලෙස හඳුන්වන්නේ ජපන් භාෂාවේ එන seiri, seiton, seiso, seiketsu හා shitsuke යන වචන පහේ මුල් අකුරුයි. මෙම සංකල්පය ඉතාමත් පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි අතර ඕනෑම අයෙකුට තේරුම් ගත හැක. 5S ඵලදායිතාවය වර්ධනය කිරීමේ අත්තිවාරමක් ලෙසද දැක්විය හැක.
5S වල පියවර
1. සංවිධිත බව (seiri)

(viblo.asia)මෙමගින් කියවෙන්නේ අනවශ්‍ය දේ ඉවත් කර අවශ්‍ය දේ ළඟ තබා ගන්නා ආකාරයයි. මෙහිදී මුලින්ම කළ යුත්තේ අවශ්‍ය හා අනවශ්‍ය ලෙස සියලුම ද්‍රව්‍ය වර්ග කිරීමයි. මෙසේ අනවශ්‍ය දේ ලෙස වෙන් කළ සියල්ල නැවත වර්ග කළ හැක. එනම් අනවශ්‍ය සුළු හෝ වටිනාකමක් නැති, ඉතා පහසුවෙන් ඉවත් කළ හැකි බස් ටිකට්, ලිපි කවර, කැඩුණු වීදුරු, වේයන් කා දැමු ලී ආදී දෑ මුලින් ඉවත් කළ යුතු වේ. ඉන්පසු අනවශ්‍ය එහෙත් වටිනාකමක් ඇති පත්තර, එකතු වූ බෝතල්, විකිණිය හැකි යකඩ කැබලි ආදිය වෙනම වෙන් කළ හැකිය.
මේවා පසුව විකුණා දැමීමෙන් අමතර ආදායමක් උපයා ගත හැක. මෙමගින් අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් වන අතර මුදල් පසුම්බියටත් වාසි සැලසේ. අවසානයේ වටිනාකමක් නැති නමුත් ඉවත් කිරීමට අපහසු පරණ මේස ලාම්පු, යකඩ පෙට්ටි ආදිය වෙනකොට ගබඩා කාමරයක වෙනම තැන්පත් කළ හැක.
අනවශ්‍ය සියල්ල වෙන් කළ පසු ඉතිරි වන්නේ තමන්ට අවශ්‍ය වන බඩු භාණ්ඩයි. මෙහිදී තමාට නිතර අවශ්‍ය වන ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකි ස්ථානයක තැබිය යුතුය.
2. සුපිළිවෙල (seiton)

(linkedin.com)
ඉහතින් තෝරාගත් අවශ්‍ය සියල්ල පිළිවෙලකට සකස් කළ යුතු බව මෙයින් කියවේ. අවශ්‍ය ද්‍රව්‍ය නිසි ලෙස ස්ථාන ගත කිරීමෙන් ඒවා සොයා ගැනීම පහසු වේ. මෙහිදී තමාට යම් උවමනාවක් ඇති වූ විට ඒ සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ සෙවීමට විශාල කාලයක් වැය කළ යුතු වන්නේ නැත. මෙහිදී සෑම දෙයක් සඳහාම නිශ්චිත ස්ථානයක් වෙන් කිරීම වැදගත් වේ. එම ස්ථානයේ වෙනත් කිසිදු ද්‍රව්‍යයක් තැබීම සිදු නොකළ යුතුය.
3. සුපිරිසුදුකම (seiso)

(slideshare.net)
පිළිවෙලකට තැබූ දේවල් ඉතාම පිරිසිදු තත්වයේ තැබිය යුතු බව මෙයින් කියවේ. දිනපතා එම බඩු භාණ්ඩ පිරිසිදු කිරීම මෙහිදී වැදගත් තැනක් ගනී. කාර්යාලයක් වැනි ස්ථානයක නම් දිනපතා පිරිසිදු කිරීම අපහසු විය හැක. මේ නිසා අවම ලෙස සතියකට දිනයක් හෝ යොදාගෙන පිරිසිදු කිරීම කළ යුතුය. පිරිසිදු කම පරික්ෂා කිරීම ආයතනයේ ප්‍රධානියාට හෝ ඒ සඳහා විශේෂයෙන් පත් කළ නිලධාරියෙකුට පැවරිය යුතුය.
4. සම්මිතිය (seiketsu)

(keywordssuggests.com)
ඉහත පියවර තුනේදී අනුගමනය කරන ලද සංවිධිත බව, සුපිළිවෙල, හා සුපිරිසුදුකම වැඩි දියුණු කරමින් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම මෙමගින් සිදු කෙරේ. මෙහිදී අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වඩා වැදගත් වන්නේ අඛණ්ඩව වැඩි දියුණු කිරීමයි. උදාහරණයක් ලෙස ඉහත පියවර ඔස්සේ ඔබගේ නිවසේ අනවශ්‍ය සියල්ල ඉවත් කර, අවශ්‍ය දෑ පමණක් පිළිවෙලකට සකස් කර, නිතරම පිරිසිදුව තබා ගැනීමට ඔබට හැක. මෙය අඛණ්ඩව කරගෙන යන අතර නිවසේ අලංකාරය වැඩි කිරීමට මල් වැවීම, අලුත් තිර රෙදි දැමීම වැනි විවිධ දේ කිරීමටද හැකියාව තිබේ. මේවා සිදු කෙරෙන්නේ සම්මිතිය අදියර තුළදීය.
මෙම පියවරේදී ප්‍රගතිය මැන බැලීමද කළ යුතු වේ.කාර්යාලයක් හෝ ආයතනයක් තුළ නම් ප්‍රගතිය පරීක්ෂා කිරීමට ආයතනයේ ප්‍රධානියාට වගකීමක් පැවරේ. නමුත් නිවසක නම් නිවසේ සිටින වැඩිහිටියෙකුට මෙය සිදු කළ හැක. තමාටම වුවත් මෙහි ප්‍රගතිය මැන ගැනීමට බාධාවක් නැත.
ශික්ෂණය (shitsuke)

(leanconstructionblog.com)
මෙමගින් අදහස් වන්නේ 5S සංකල්පය පිළිබඳව අන් අය දැනුවත් කිරීමයි. 5S සංකල්පය ඉගෙන ගැනීම හා ක්‍රියාත්මක කිරීම තරමටම එය පිළිබඳව අන් අය දැනුවත් කිරීමද වැදගත් වේ. ශ්‍රී ලංකාව පුරා මෙම සංකල්පය ව්‍යාප්ත කිරීමට එය විශාල උපකාරයකි.
ඔබ පිළිවෙලකට, ක්‍රමවත්ව වැඩ කරන විට වෙනදාට වඩා ඔබේ කාලය ඉතිරි වේ. ඔබ තුළ මේ නිසා ඇති වූ දියුණුව දුටුවිට ඔබගේ මිතුරන් එයට හේතුව අසනවා නොඅනුමානය. එවිට ඔබ ඔවුන් 5S සංකල්පය පිළිබද ඔවුන් දැනුවත් කරන්න.
5S ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන ප්‍රතිපල

(linkedin.com)
5S සංකල්පය නිවස, කාර්යාලය, වැඩපල, පාසල, රෝහල යන මේ සෑම ස්ථානයකටම උපයෝගී කර ගත හැකි සංකල්පයකි. මෙමගින් අක්‍රමවත් ස්ථානයක් ක්‍රමවත් කොට ප්‍රසන්න වටපිටාවක් නිර්මාණය කළ හැක. 5S සංකල්පය භාවිතයෙන් පහත දක්වා ඇති වාසි අත් කර ගත හැක.
- අනෙකුත් සියලු කටයුතු සඳහා පදනමක් ලෙස ක්‍රියා කරයි.
- නිවසේ හෝ වැඩපලේ කාර්යක්ෂමතාව වැඩි කරයි.
- ප්‍රමාද වීම් අවම කරයි.
- අපතේ යාම් හා නාස්තිය අවම කරයි.
- ආයතනය තුළ නිපදවන නිෂ්පාදනවල, සළසන සේවාවල ගුණාත්මක බව ඉහළ නංවයි.
- ආයතනයේ නිෂ්පාදනවල අලෙවිය වර්ධනය කරයි.
- ආයතනය තුළ අනතුරු අවම වී සුරක්ෂිතතාවය වර්ධනය වේ.
කවරයේ පින්තුරය – Organize Nashville
මුලාශ්‍ර : Roar Sinhala
- ඵලදායිතාවය පිළිබද පංචවිධ සංකල්පය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය
- appliedperformance.ca
- listaintl.com
- bayt.com
දේශයට ආලය නොකළ උන්,
මිත්‍යාවෙන් මිදී සත්‍යය නොවටහාගත් නිවටුන්,
පිටරැටියන් හට තම ආත්ම ගරුත්වය, තම ලේ උරුමය පාවදුන්න උන්,
මෙරට ප්‍රෞඩ ඉතිහාසයට ගරහන උන් තවත් මේ මාතෘභූමිය තුල සිටිය නොහැකිය....!!!!
එසේ තවත් සිදු කරන්නේ නම් උන් නිවට පරයින් මිස හෙළයින් නොවේ...!!!
ලන්ඩන්හි යටත් විජිත භාර මහලේකම් කාර්යාලයෙන් ඒ ඒ රටේ තම යටත් විජිත ලේකම්වරුන්ට දැනුම් දී තිබූ කරුණක් වූයේ එම රටවල ඉතිහාසය සොයා බලා සංග්‍රහ කිරීමටය. ඉන් බොහෝ කලකට පසු 1912 දී එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් විසින් ශ්‍රී ලංකාවේ සංක්‍ෂිප්ත ඉතිහාසය ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කළේය. පුරාණ යුගය සම්බන්ධ එහි මූලාශ්‍ර වූයේ මහාවංශය ඇතුළු වංශ කතාවන්ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් දවස පාළි මහාවංශයේ තුන්වැනි කොටස ලිවීමේදී එහි තිබුණා වූ 40 වැනි පරිඡේදය 19 සියවස අග භාගයේදී අතුරුදන් වී ඇති බව දක්‌නා ලැබිණි. අදත් එය එසේමය. කාශ්‍යප රජු යුදයෙන් පරදවා මුගලන් රජ වූ පසු තොරතුරු 40 පරිච්ඡේදයේ විය. සීගිරිය ගැනත් රාවණ රජු ගැනත් එහි විස්‌තර අඩංගු වූ බව ඊට යොමුවදී ඇති වෙනත් ග්‍රන්ථවලින් පැහැදිලිය
රාවණ ඓතිහාසික චරිතයක් නොවන බව කියන ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් අතරට එකතුවීමට කැමැත්තක් දක්‌වන ලලීන්ද්‍ර සන්නස්‌ගම නමැති ලේඛකයා නැගී සිටින දුර්වල පදනම ඔහුට අවබෝධ කරවන අතරම සුද්දා අනුව ගිය ඉතිහාසය හදාරන්නන්ද දැන ගතයුතු කරුණු බොහෝය.
ලංකා ඉතිහාසය ගොඩනැංවීමේ ශුද්ධ වූ අයිතිය අද හිමිවන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට හා රාජකීය ආසියාතික සංගමයටය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල යනු එංගලන්ත විශ්වවිද්‍යාල ආකෘතිය මත පිහිටි බටහිර දැනුම බෙදාදෙන විද්‍යාස්‌ථානයන්ය. මත ගැටුමක් සමාජය තුළ උග්‍ර වූවොත් එය අවසාන වශයෙන් විසඳිය යුත්තේ අධිකරණයෙනි. අධිකරණය යනු ඉංගිලිසි නීතිය අනුව විනිශ්චය කරන ස්‌ථානයයි. කැඳවන්නේ විශේෂඥ සාක්‍ෂින්ය. විශේෂඥ සාක්‍ෂි යනු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ය. රූපවාහිනි විකට ශිල්පීන් තිදෙනාගේ "ඌ මට ගහනවෘ මට ඌ ගහනව" විචිත්‍රාංගය මෙහිදී සිහියට නැගේ. සන්නස්‌ගම මහතාගේ පදනම දුර්වල වුවත් ඔහුගේ සුරක්‍ෂිත බව ප්‍රබලය. කොඩ්රිංටන් - පරණවිතාන (අදෘශ්‍යමාන) ගුරුකුලය තවමත් ලංකාවේ ජයග්‍රාහීව සිටීම ඊට හේතුවය.
බ්‍රිතාන්‍ය ගුරුකුලයට වැරදුන තැනකින් පටන්ගැනීම සුදුසුයෑයි සිතමි. මහාවංශය ලංකා ඉතිහාසය ලෙස සැලකූ සුද්දා රාවණ රජු හුදු මිථ්‍යාවක් ලෙස බැහැර කළේය. මහාවංශයේ 40 පරිච්ඡේදය අතුරුදන් වූයේ සාක්‍ෂි නැති මරණයක් පෙන්වීම සඳහා විය හැක. නමුත් කාශ්මීර ඉතිහාසය ලිවීමේදී බ්‍රිතාන්‍යයන් කල්හාතගේ රාජතරංගනිය (කාශ්මීර රාජාවලිය දැක්‌වෙන ග්‍රන්ථය) අනුව යමින් ක්‍රි.පු. 1149 දී රාජ්‍යත්වයට පැමිණි "විභීෂණ" ගෙන් ඉතිහාසය ලිවීම ඇරඹීය. මේ වෙනත් විභීෂණයකු නොව රාමායනයේ දැක්‌වෙන රාවණගේ සොහොයුරු විභීෂණමය. ඔහුගෙන් පසු ක්‍රි.පු. 1095 දී ඉන්ද්‍රජිත් (මියගිය බව රාමායණයේ සඳහන් රාවණාගේ පුත්‍රයා) රජවිය. ක්‍රි.පු. 1060 දී දෙවැනි රාවණ රජවිය. අනතුරුව ක්‍රි.පු. 1030 දී දෙවැනි විභීෂණ රජවිය. මෙම ලැයිස්‌තුව රාජතරංගනිය කියවා හෝ කාශ්මීර ඉතිහාස පොත කියවා දත හැකිය.
ත්‍රිපිටකයට අයත් නොවන මහායාන සූත්‍රයක් වන "ලංකාවතාර සූත්‍රය" මලයකූටයේ සිටි රාවණ පරපුරේ පාලකයාට බුදුන් විසින් (නමක් සඳහන් නොවේ) දේශනා කරන ලද බව එම සූත්‍රයේ සඳහන්ය. එපමණක් නොව දෙදහස් පන්සිය වසරකට පසු ලෝක නායකයෙකු (දියනා) ලංකාවෙන් බිහිවන බවද එහි අන්තර්ගතය. පැරකුම්බා සිරිත ලියූ කවියා ප්‍රාර්ථනා කරන්නේ ඒ කෝට්‌ටේ හයවැනි පැරකුම්බා රජුම වේවා යනුවෙනි (පැරකුම්බා සිරිත 9 කවිය - කියන මගිය කොහි සිට එනු දද සමනොල ගොසිනා... ආදී) මේ සමග දැනට වසර කිහිපයක සිට රාවණ රජු ගැන උද්යෝගයක්, භක්‌තියෙන් යුතුව සැලකීමත් හා සමාජ හඬක් ඇතිවී තිබීම අධ්‍යයනය කළ යුතුය.
මිනිසාගේ ඇස, කණ, නාසය ආදී වූ පසිඳුරන්ට අවබෝධ කළ නොහැකි දේ බොහෝය. ලොව 80% ක් පසිඳුරන් මගින් තේරුම් ගත නොහැකි බව කියනු ලැබේ. ලලීන්ද්‍ර සන්නස්‌ගම මහතාද මෙබඳු මනුෂ්‍යයෙකු විය යුතුය.
ඔහුq ඉදිරිපත් කරන කරුණු හා තර්ක කොටස් 3 ට වර්ග කළ හැක. 1. වැරදි හඳුනා ගැනීම්, 2. මනඃකල්පිත අදහස්, 3. කරුණු හා තර්ක.
වැරදි හඳුනා ගැනීම්
1. බෞද්ධ ශිෂ්ටාචාරය(- ශිෂ්ටාචාරය යනු මිනිසා විසින් තමා අවට ඇති සම්පත් හා ස්‌වාභාවික වස්‌තූන් තමාට කැමැති ලෙස ප්‍රයෝජනයට ගනිමින් අවශ්‍යතා සපුරා ගැනීමේ සම්පූර්ණ ක්‍රියාදාමය හඳුන්වන වචනයයි. බුදුන් වහන්සේ විසින් භූමි පරිභෝජනය, බිම් සැකසීම, බීජ තෝරාගැනීම, වැපිරීම, ජල සම්පාදනය, අස්‌වැන්න නෙළීම ආදී වූ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන ධර්ම දේශනාකර නැත. කර්මාන්ත හෝ ප්‍රවාහනය ගැනද නැත. සංස්‌කෘතිය යනු මිනිසුන්ට පමණක් සීමාවන සිතීම්, වචන හා ක්‍රියාවලීන් ඇසුරින් ඇතිවන සමානත්වය දැක්‌වීම සඳහා යෙදෙන වචනයයි. භාෂාව, ආගම, නැටුම්, ගීත වාදන, චිත්‍ර, මූර්ති, සාහිත්‍ය, සිරිත්, හැසිරීම් විධි යනාදී දේ ඒ යටතට එයි. මේ අනුව බෞද්ධ ශිෂ්ඨාචාරයක් නොව බෞද්ධ සංස්‌කෘතියක් ඇත.
2. ආර්ය ජනයා(- මැක්‌ස්‌මුලර්ගේ ආර්ය වර්ගීකරණයට අනුව ආර්ය හා අනාර්ය ජනතාවන් ඇතද, ඇත්තේ ආර්ය භාෂා පමණි. මේ වේදයේ ඇති ආර්ය නමැති වචනය වරදවා වටහා ගැනීමකි. අර්යය ඉන්දියාවේ වයඹ දිග කපොළු වලින් පන්ජාබයට ඇතුළුවීම යනු 1990 න් පමණ පසු නිෂේධ වූ මතයකි. උතුරු දිග ශීතල ප්‍රදේශවල සිට දකුණෙහි උණුසුම් ඉරානයට අවුත් එහි නතර වූ ජනයා ඉන්දු-ඉරානියන් ලෙසද, බටහිරට ගිය අය ඉන්දු-යුරෝපීය ලෙසද, නැගෙනහිර ගමන් කළ අය ඉන්දු ආර්ය ලෙසද කරන හැඳින්වීම නිවැරදි වන අතර මෙම එෙŒරුන් ඉරානයට ආවේ කොකේසස් කඳුකරයෙන් බව කීමද නිවැරදිය. ඔවුන් කොකේසස් කඳුකරයේ ඕපපාතිකව පහළවූවා නොව හෙළදිව සිට හිරත්යක් රජු ගොස් එහි ජනවාස පිහිටුවීම කළ බව දැන් සොයාගෙන ඇත.
3. රාමායණය සනාථ කිරීම හා රාවණා සනාථ කිරීම(- රාමායණය ප්‍රබන්ධ කරන ලද මහා කාව්‍යයකි. එබැවින් ඓතිහාසික ලෙස එය සනාථ කළ නොහැක. නමුත් රාවණ ඓතිහාසික නිසා ඔහු මනුෂ්‍යයෙක් බව සනාථ කළ හැක. රාමා, සීතා, හනුමන් මිථ්‍යා ප්‍රබන්ධ වීම හේතුවෙන් රාවණා මිථ්‍යාවක් වීම සිදු නොවේ. ඓතිහාසික පුද්ගලයන් (දුටුගැමුණු, කාශ්‍යප, සිද්ධාර්ථ) මුල්කර නවකතා ලිවීම දැනුදු කෙරේ.
කල්පිත අදහස්
1. අමුවාචාරීන් මිෂනාරින් ගණයට දැමීම(- මිෂනාරි යනු ඉංගිලිසි වචනයකි. පණිවිඩයක් (මිෂන්) රැගෙන යන්නා යනු එහි අර්ථයයි. අටුවාචාරින් වහන්සේලා විසින් කළේ ගුඹුරු වූ දහම සාමාන්‍ය ජනතාව සඳහා ජීවන අත්දැකීම් මිශ්‍රිත කතාන්තර බවට හරවා ලියා එය ජනතාවට සන්නිවේදනය කිරීමයි. මහින්ද තෙරුන් ධර්මදූත මෙහෙවරක යෙදුන (මිෂනාරි) දූතයෙකි. එපමණක් නොව බුදුන් වහන්සේද මුළු උතුරු ඉන්දියාව පුරා දහම් බෙරය වයා ජනතාවට දහම් පණිවිඩය දුනි. මිෂනාරි යන වචනය මිෂන් (දූත මෙහෙවර) සඳහා යෙදෙන ඕනෑම අයෙකුට භාවිත කළ හැක. ඉංගිලිසි වචන පාවිච්චි කිරීමේදී එම භාෂාව දැනගැනීම අත්‍යවශ්‍යය.
2. ඇමෙරිකානු වහල් භාවය(- කොඩ්රිංටන් - පරණවිතාන ගුරුකුලය ඉංගිලිසි මානසික වහල් බව තුළ ගැලී සිටින නිසා ඊට පටහැනි මත පළකිරීම ඇමෙරිකානු මානසික වහල්බව යයි සිතීම මුලාවකි. "අත්තානං උපමං කත්වා....." යනු හැමවිටම සුදුසු උපදේශයක් නොවේ.
3. සාක්‍ෂි නැතිවිට එසේ නොවේයයි කීම(- රාවණ රජු සනාථ කිරීමට පුරාවිද්‍යා සාක්‍ෂි නැතිබව සන්නස්‌ගම මහතා පුන පුනා පවසයි, අතීතයේ සිට මහනුවර යුගය දක්‌වාම සාමාන්‍ය සිංහල රටවැසියන්ගේ ඇඳුම, නිවාසය සැදීම, ආහාර සැකසීම කෙසේදැයි දැනගැනීමට සාක්‍ෂි නැත. මේ අනුව සිංහලයා ඉතිහාසය පුරා නිර්වස්‌ත්‍රව හා එළිමහනේ ගස්‌යට ජීවත් වූ බව කීමටද ඔහු පෙළඹෙනු ඇත.
4. රාවණ බුදු දහමට අනුග්‍රහ දැක්‌වීම(- රාවණ රජු බුදු දහමට අනුග්‍රහ දැක්‌වූ අයෙකු නොවන අතර මා එබඳු ප්‍රකාශයක් කර නැත. එවැන්නක් රාමායණයේද නැති නිසා එබඳු අදහසක් ප්‍රකාශ කළ නොහැක. මේ ලංකාවතාර සූත්‍රය ඇසුරින් ආ ලියුම්කරුගේ මනෝ නිර්මාණයකි.
කරුණු හා තර්ක
1. ඉලියිඩ් හා ඔඩිසි වීරකතා රාමායණයට හා මහ භාරතයට සමානවීම(-
මෙම සාධකය සන්නස්‌ගම මහතා දකින්නේ එකම මුල් භූමියක සිට දෙපයට විහිදී යාම නිසා ඇතිවූවක් ලෙසටය. ඇතැම් විට එසේ වන්නටද පුළුවන. නමුත් ඊට වඩා ප්‍රබල හේතු දැක්‌විය හැක. දකුණු අමෙරිකානු ඇමසන්හි වනචාරියාද, අප්‍රිකාවේ කොංගෝහි වනචාරියාද, නැගෙනහිර ඉන්දීය දූපත්වල වනචාරියාද ශ්‍රී ලංකාවේ වැද්දාද සමාන පැවතුම් ඇති අය වෙති. ඒ ඔවුන් එකම මුල් භූමියක වාසය කළ නිසා නොව ඔවුන්ගේ ප්‍රාථමික ජීවිතය නිසාය. එමෙන්ම බටහිර හා නැගෙනහිර ඉහත සඳහන් යුද්ධය මුල්කරගත් වීර කතා යනු දඩයම් ජීවිතයට වඩා දියුණු එෙŒර දිවියේ අගයන්ය. තණබිම් කොල්ලකමින්, සතුන් පැහැරගනිමින්, යටත්වූවන් වහල්කමට ගනිමින් සංචාරය කරන එෙŒරාට වීරත්වය එන්නේ යුද්ධය හරහාය. භාරතයේ එදත් අදත් ඇත්තේ එෙŒර ශිෂ්ටාචාරයකි. එෙŒර සංස්‌කෘතියකි. නමුත් ඔහු මස් බුදින එෙŒරා නොව කිරි බොන (පස්‌ගෝරස) එෙŒරාය. එබැවින් යුරෝපයේ මස් බුදින එෙŒරාගේ අගයත් කිරිබොන එෙŒරාටද පොදුය.
2. මැක්‌ස්‌මුලර්ගේ "ආර්ය න්‍යාය" නිවැරදි ඉතිහාසයයි. ආර්යයෝ ග්‍රීසියට හා ඉන්දියාවට සංක්‍රමණයවීමට පෙර එකම ජනතාවක් ලෙස උතුරු සුළු ආසියානු ප්‍රදේශයක ජීවත්වූහ.
මෙහි "සුළු ආසියානු ප්‍රදේශයක" ආර්යයන් මුලින් එකට ජීවත් වී පසුව දෙපසට බෙදීයාම යනුවෙන් අඩමානයට කීම අත්‍යවශ්‍යය. උතුරු සුළු ආසියානු ප්‍රදේශ නැතිවා මෙන්ම දෙපසට බෙදීයැමට පෙර එකට ජීවත් වූ ප්‍රදේශය ලෙසින් ආර්ය න්‍යාය විසින් හඳුනාගත්තේ ඉරානයයි. අප පාසැල් යන අවදියේ පවා තුර්කිය හැඳින්වූයේ "සුළු ආසියාව" යන ගර්හිත නමින්ය. උතුරු සුළු ආසියාව යනු ආසියාවේ උතුරේ සුළු ප්‍රදේශයක් ලෙස සන්නස්‌ගම සලකා ඇති බව පෙනේ.
3. උතුරු සුළු ආසියානු ප්‍රදේශයක වූ එම මාතෘ ආර්ය භූමියේදී ගෙතූ වීරකතා දෙකකින් රාමායණය හා මහාභාරතය සකස් කරගෙන ඇත.
19 සියවස අග හා 20 සියවස මුල බ්‍රිතාන්‍ය සිවිල් සේවක ඉතිහාසඥයන්ගේ දැනුම අප විසින් තවමත් කරතබාගෙන සිටීම සංවේගයට හේතුවකි. 1970 න් පසු ගවේෂණයෙහි යෙදුන ඇමෙරිකන් ප්‍රමුඛ ජර්මන් හා වෙනත් තරුණ යුරෝපීය මානව විද්‍යාඥයන්, ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් විසින් අනාවරණය කරගත් කරුණු ශ්‍රී ලංකාවේ අපට අදත් දැනගැනීමට ලැබී නැත. "ඇමෙරිකන් මානසික වහල්බව" යනුවෙන් පරිභව කිරීම නිසා මෙම පර්යේෂණ ප්‍රතිඵලවල අඩුවක් සිදු නොවේ. අධ්‍යාපනය හ ජනමාධ්‍යය මෙම තොරතුරු වසන්කර තිබේ.
4. හෙළ-ඇසුර නමැති ලංකාව කේන්ද්‍ර කරගත් මහා අධිරාජ්‍යයක තොරතුරු වසන් කළ පිරිසක් ලෙස මෙරට වංශකතාකරුවන් හා මහාවිහාර සාහිත්‍යකරුවන් හඳුන්වා දී ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරුන් වෛරයට ලක් කරවීම ගුණසේකර මහතාගේ ව්‍යාපෘතියයි.
ඉතා අලංකාර දේශපාලන වේදිකා වාංමාලාවක් පාවිච්චි කළද මහා විහාරයද මහසෙන් රජු මෙන්ම බොහෝ වූ පින්ද බොහෝ වූ පව්ද කර තිබීම සත්‍යයකි. හෙළ නමැති වචනය මකා එහි සංස්‌කෘත පරිවර්තනය වන "සිංහල" නාමය ජාතියට භාවිත කිරීම සිදුවිය. ඉතිහාසය සඟවා විජයාගමනයෙන් මෙරට ජනාවාස වූ බව කීම මහාවිහාර සම්ප්‍රදාය විය. තායිලන්ත මූලාශ්‍රවල කියෑවෙන පරිදි හෙළ බසින් කියවුන පුස්‌කොල පොත් ඇතුන් සත් දෙනෙකු උසට ගොඩගසා ගිනි තබන ලදී. හෙළයන් කොතරම් රසකාමීන්ද කොතරම් උසස් සාහිත්‍යකරුවන්ද යන්න අපට දැනගත හැක්‌කේ සීගිරි ගී තවමත් ශේෂ වී ඇති නිසාය. ශ්‍රී ලංකාව ජනාවාස වී වසර 380 කට පසු රුවන්මැලි සෑය ඉදිවූයේ යෑයි අනුරාධපුර දිසාපති (අමර හේවාමද්දුම) විසින් විස්‌තර කළ විට ලෝක බැංකු සභාපති රොබට් මැක්‌නමාරා එය මේ මිනිස් ලොව සිදුවිය නොහැක්‌කක් බව කියා ප්‍රතික්‍ෂේප කළේ අප සමග තරහින් නොව මුළු ලෝකය ගැනම දැනුමක් ඔහුට ඇති නිසාය. ලොව මහා ජල ශිෂ්ටාචාරය ලෙස බටහිරුවන් විසින් හඳුන්වන අපගේ ශ්‍රී ලංකාවේ බෞද්ධ මිස සිංහල සාහිත්‍යයක්, චිත්‍ර කලාවක්, ගෘහ නිර්මාණ ශිල්පයක්, මූර්ති කලාවක්, කැටයම් කලාවක් නැත්තේ ඇයිද යන්න ගැන සමීක්‍ෂණයක් කළ යුතුව ඇත. සංස්‌කෘතිය ඉක්‌මවා ගිය බෞද්ධ ආධිපත්‍යයක් නුවුයේ දැයි ගවේෂණය කළ අයෙක් නැත.
5. මහින්දාගමනයෙන් පසු ලියෑවුන ශිලා ලිපිවල ඇති රාමා, රාවණා වැනි නම් සාමාන්‍ය මිනිසුන්ගේ නම්වෙති. එය රාවණා ඓතිහාසික කිරීමට යොදාගත නොහැක.
මහින්දාගමනයෙන් පසුව ලිපිවලත්, එමෙන්ම රාවණ යන නාමයත් සාමාන්‍ය මිනිසුන්ට යෙදුනාද විය හැක. නමුත් "මහරජ රාවණ" යනු සාමාන්‍ය රටවැසියෙකු නොවේ. බ්‍රාහ්මී අක්‍ෂර ලිපිවල මහරජ යන නම රජුන් හට පමණක් යෙදී ඇත. මහරජ රාවණ, මහරජ පනිත, දෙවන පිය මහරජ, ගාමිණී අබය, දෙවනපිය මහරජ ගාමිණී තිස, දෙවනපිය මහරජ උති, මහරජ තිස යන මේ සාමාන්‍ය මිනිසුන් නොවේ. වංශ කතාවල එන දේවානම් පියතිස්‌ස රජුගේ නමින් එකදු සෙල් ලිපියක්‌වත් හමුවී නැත. නමුත් "දෙවනපිය" නාමය මහාවංශය විසින් දී ඇත්තේ ඔහුට පමණි.
6. රාමායණය ඊට වඩා පැරණ මහා භාරතයේ අතුරු කතාවකි. මහා භාරතයේ නිරූපණය වන්නේ ක්‍රි. පූර්ව 800 ට ආසන්න කාලයකි.
මෙම සොයාගැනීම සන්නස්‌ගමට ඉතා වැදගත්ය. නමුත් ඒ සඳහා සාක්‍ෂි කිසිවක් නැත. ඉතිහාසය දන්නා හැමදෙනාම දන්නේ සංස්‌කෘතය ලියන බසකට සුදුසු තත්ත්වයට ආවේ ක්‍රි. පූර්ව 6 වන සියවසේ පාහියන්ගේ ව්‍යාකරණ ග්‍රන්ථයෙන් පසුව බවය. එනිසා අනිවාර්යයෙන්ම මෙම මහා කාව්‍ය දෙකම ඉන්පසු සම්පාදනය විය යුතුය. එපමණක් නොව මහා විහාරය විසින් මෙරට ජාතියට දුන් නාමය වන සිංහල යන්න හා රටටදුන් සිංහල ද්වීපය යන්නද මහා භාරතයේ සඳහන්ය. මෙනිසා අනිවාර්යයෙන්ම ක්‍රි. පූර්ව 275 න් හෝ පසු කලෙක මහා භාරතය ලිවිය යුතුය. මහාචාර්ය ඔලිවර් අබේනායකගේ මතය වන්නේ ශ්‍රී ලංකාවේ ලියවුනු ජාතක අටුවාවට අයත් දශරථ ජාතකය හා සුසොන්දි ජාතකය කවි සංකල්පනා ඔස්‌සේ විස්‌තීරණය කරමින් රාමායණය ලියවුන බවය (17.07.2010 මහවැලි කේන්ද්‍රයේ රාවණ විරෝධි සම්මන්ත්‍රණය). එබැවින් සන්නස්‌ගම මහතා මහාචාර්ය අබේනායක හා සාකච්ඡා කිරීම වටී.
7. මේ නිසා මහාභාරතය ලියූ යුගයට සියවස් දෙකකට පසුව ජීවත් වූ බුදුන් වහන්සේට හෝ භික්‍ෂුන්ට රාවණා රජු ලෙන් පූජාකළ බව කියන සූරිය ගුණසේකර මහතා
මනඃකල්පිත කරුණු වලට පිළිතුරු දීමට පරචිත්ත විජාණඥනය තිබිය යුතුය.
8. මෙරට යක්‍ෂ අසුර රාජධානියක් තිබුනේ නම් විභීෂණගේ යුගයෙන් පසු එය අඛණ්‌ඩව පැවතිය යුතුය.
විභීෂණ යුගයක් පිළිගැනීම යනු රාවණා යුගයක්‌ද පිළිගැනීමක් වන්නේය. රාවණා මිත්‍යාවක් වීමටත් විභීෂණ ඓතිහාසික වීමටත් නුපුළුවන. නමුත් මිනිසුන් විසින් විභීෂණ දේවත්වයට නැංවූයේ ඔහු ජීවත් වී මරණයට පත් වීම නිසාය. සිංහල දේව සංකල්පය යනු ජනප්‍රිය පුද්ගලයන් මරණින් පසු දේවත්වයට නැංවීමටයි. අවසන් වරට අප විසින් 1864 දී දේවත්වයට නංවන ලද රංවල දෙවියන් යනු රංවල තොටුපළේ තොටියා වූ අප්පු සිංෙÆaය.
9. පැරණි මහා ශිෂ්ටාචාරයන් ඇති වුනේ මහා ගංගාධාරවලින් සමන්විත විශාල ගොඩබිම්වල මිස දූපත්වල නොවේ. ශ්‍රී ලංකාව තුළ ඒවාට සමාන ශිෂ්ටාචාරයන් බිහිවීමට අවශ්‍ය භෞතික සම්පත් හා භූගෝලීය පිහිටීම ඇත්ද? එහි පිහිටීම බුද්ධිමය සංකල්ප දියුණු වීමේ ඉඩකඩ ස්‌වභාවයෙන්ම අඩු කරයි. ලංකාව වැනි දූපත්වල ශිෂ්ටාචාර - සංස්‌කෘති ඇති වුණේ අසල්වැසි මහා ගංගාධාර නිසාය.
දූපත් මානසිකත්වය යනු රෝගී තත්ත්වයකි. ඇමෙරිකන් එන්.ජී.ඕ. ක්‍රිස්‌තියානි මිෂනාරින් විසින් මෙය අනුනට බෝකරන රෝගයකි. ඔවුහු ලෝකය කලාප 7 කට බෙදති. හත්වැන්න කුඩා දූපත් එකතුවය. (Sප්කක සික්‌බාs) අපි අයිති කලාපය අසියා-ශාන්තිකර කලාපයයි. මාධ්‍යකරුවන් මීට මහෝපකාරී වන්නේ "අපගේ පුංචි ලංකාව, කුඩා දූපතක් වූ අප, ලෝක සිතියමේ කඳුළු බිංදුවක් බදු ශ්‍රී ලංකාව" වැනි හීනමානය දනවන වචන කියමිනි. සන්නස්‌ගමගේ මහා ශිෂ්ටාචාර 4 නම් මිසර, බැබිලෝනියා, හොවැංහෝ සහ හරප්පාය. බැබිලෝනියා ශිෂ්ඨාචාරය ගොඩනැංවීමට උපදෙස් දුන්නේ "ගුවන් යානාවලින් ආ සිංහ මිනිසුන්" බව කියෑවෙන මැටි පුවරු 1996 අප්‍රේල් වල සොයාගති. වසර 5500 හෝ ඊට වඩා පැරණි ලෙස ලෝකය පිළිගන්නා බැබිලෝනියාවද කඩුව අතින් ගත් සිංහයා ලාංඡනයෙන් යුක්‌තය. සිංහ ශරීරය, පියාපත් දෙක හා මිනිස් මූණ සහිත බැබිලෝනියානු ලාංඡනයේ පියාපත් ගුවන්යානාව නිසාය. සිංහ ශරීරය සිංහ මිනිසුන් නිසාය. බුදුදහම පිළිගත් එකම රට ලංකාව වීමෙන් බුද්ධි වර්ධනය දූපත්වල සිදු නොවන බව කීම නිෂේධනය වේ. 1840-50 යුගයේ ආරම්භක වැවිලිකරුවන් දුටු ලෙස ලොව සාරවත්ම රට ලංකාවයි. බෝගවර්ග අතුරින් 14 ක් ඉස්‌තරම්ම වන්නේ ලංකාවේ ඒවාය.
10. සිංහල යන වචනය සිව්හෙළ යන අර්ථයෙන් සැදී නැත. කිසිම ශිලා ලිපියක මෙසේ හෙළයන් හතර වගක් සඳහන් නොවේ. සිව්හෙළ යන හැඳින්වීම සිංහල යන හැඳින්වීමට පසුව ඇතිවිය.
සිංහල යනු "හෙළ" නමැති හෙළ වචනයේ සංස්‌කෘත පරිවර්තනයයි. සිංහල යනු සංස්‌කෘත හැඳින්වීමකි. මහාවිහාර භික්‍ෂුන් වහන්සේලා "හෙළ" නමැති වචනය මකා ඒ වෙනුවට සිංහල නමැති වචනය අදේශ කළහ. එසේ වුවද මහනුවර යුගය දක්‌වාත් සිංහල වෙදකම හෙළ කවියෙන් විය. ආයුර්වේද වෙදකම පමණක් සංස්‌කෘත ශ්ලෝකවලින් තිබුණි.
අවසන් වශයෙන් අප කුඩා කාලයේදී ගුරුතුමිය නිතර අපට අවධාරණය කළ කව් දෙපදයක් මෙසේය.
මා හට නොවරදී - කියන අයහට නිතර වරදී...
ඉතිහාසය සමහර තැන් හිතාමතා වසන් කලද ...,
අනාගතය විසින් එය යළිත් මිහිපිට විරාජමානව බැබලෙන්නට නියමිතය..
බුද්ධිමත් මිනිසුනි..
ඒ මහා ශිෂ්ඨාචාරය නැවතත් ඔබට අවැසි වනු ඇත...
ඒ සත්‍යය ඉතිහාසය ඔබේ දරුවාට කියවීමටත්, එයින් ඵලප්‍රයෝජන ගන්නටත්,
නැවතත් ඒ ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරය බිහිකිරීමට අවැසි සියලු කර්ත්ව්‍යයන් ඔබේ වගකීම කොටගෙන ඔබේ යුතුකම ඉටු කරන්න..!!!!
ජය ශ්‍රී..!!!! ස්වස්ථි සිද්ධම්..!!!!

Subscribe to:
Comments (Atom)

Social Media
Search