හරිතාභිවන්දනා පරිසරික ජාතික මෙහෙවර ප්‍රථම වරට

හරිතාභිවන්දනා
චරණ දමින් පිරුණු හෙටක්- නිල්ලෙන් පිරි ලක් පොළොවක්
(සොබාදමට අව්‍යාජව ඇලුම් පෑ ත්‍රෛලෝකනථයානන්ගේ උතුම් වෛශාඛ්‍ය මංගල්‍යය සිහිකිරීම උදෙසා දීප ව්‍යාප්ත රුක් රෝපන වැඩසටහන 2017)





ස්වභාව ධර්මයට අසීමිතව ගරු කල විශ්වීය මිනිසාගේ තෙමඟුල සමරන උතුම් වෛශාඛ්‍ය මංගල්‍යය තවත් නොබෝ දිනකින් උදා වන්නට නියමිතව ඇත.
එතුමාණන් මෙලොව එළිය දකින්නේ මනරම් සල් උයනක සෙවන ලබමින් ය. උතුම් නිර්වාණාවබෝධය ලබන්නේ ද, ඇසතු බෝ රුක සෙවන කර ගනිමින් ය. ඉනික්බිති පුරා සතියක කාලයක් අනිමිස ලෝචනයෙන් එම විසල් රුක්ෂයට කෘතවේදීත්වය පළ කරන්නට යෙදුණි.
උන්වහන්සේ තමා අවබෝධ කරගත් සත්‍යය මානව වර්ගයාට දායාද කිරීම ආරම්භ කරන්නේද, බොහෝ අවස්ථා වල දිවි ගෙවා ඇත්තේද, ස්වභාවධර්මය ඇසුරු කරමිනි. අවසන පිරිනිවනට පත් වන්නේද තුරු ලතා වල සෙවන ලබමින් ය.
එබැවින් ගස් වැල් වල අගය තේරුම් ගන්නට වෙසක් පොහෝ දිනය තරම් සුදුසු දිනයක් තවත් නැත. හරිත පැහැයෙන් බැබලූ මේ ධර්මදීපයේ අද දවස සේම හෙට දවස වෙනුවෙන් අපට යමක් කල හැක.
අඳුරට ශාප කරනු වෙනුවට අප එක්ව එක් කුඩා ආලෝකයක් හෝ දල්වමු. බුද්ධාභිවන්දනයක් ලෙස වෙසක් දිනයේ හෝ ඊට පසු දිනයේ දිවයිනේ දසත සෑම නිවසකම ඖෂධීය පැලයක් රෝපණය කරන මෙන් ගෞරවයෙන් අප ඉල්ලා සිටින්නෙමු.



ඒ පිළිබඳ තොරතුරු අප facebook පිටුවෙන් ලබා ගත හැක.
සෑම දිස්ත්‍රික්කයකම පාහේ දහම් පාසැල් හා තරුණ සංවිධාන සහභාගි කරගනිමින් ඔසු පැල රෝපණ වැඩසටහන් මේ දෙදින තුල පැවැත්මට කටයුතු යොදා ඇත.
එක් වන්න දැහැමි හරිත රටක් වෙනුවෙන් https://facebook.com/හරිතාභිවන්දනා-1887325091538781
හරිත හෙටක් ජාතික සංවිධානය______ ,

Comments