පණ්ඩුකාභය රජතුමා (3 කොටස)

Sri Lanka History ශ්‍රී ලංකා ඉතිහාසය (3 කොටස)


පණ්ඩුකාභය රජතුමා

  
  විජය රජුගේ ඇමතිවරයකු වූ අනුරාධ විසින් පිහිටවනු ලැබූ අනුරාධග්‍රාමය අංග සම්පූර්ණ නගරයක් බවට පත් කරන ලද්දේ මෙතුමාය.
උන්මාද චිත්‍රා හා දීඝගාමිණී මෙතුමාගේ මවුපියෝය. මොහුගේ ළමා කාලය මිහින්තලේ දොරමඩලාව ගමේ ගත විය. තම පුත්‍රයා ඔහුගේ මාමාවරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා ඔහු ඉපදුණු දිනයේම ඉපදුනු ගැහැණු ලමයෙකුට මාරු කල චිත්‍රා කුමරිය ඔහුට අප්‍රසිද්ධියේ වැඩීමට ඉඩ සලස්වන ලදි. පසුව තම මාමාවරුන් මරා ඔහු අනුරපුර රජ විය.
ඔහුට අනුකම්පා කළ අභය මාමාට එහි නගර ගුත්තික තණතුර දුන් මෙතුමා අනුරපුර නගරය ක්‍රමවත් ලෙස සැකසීය. අභය වැව හෙවත් බසවක්කුලම වැව මෙතුමාගේ නිර්මාණයකි. දඩයම් කිරීම හා වී ගොවිතැන මෙකල ක්‍රියාත්මක විය. මුලු රටේම ග්‍රාම සීමා ලකුණු කල මෙතුමා පාලනය සංවිධානාත්මක හා ක්‍රමවත් කලේය.
වසර 70ක් මෙතුමා රට පාලනය කලේය.



පණ්ඩුකාභය  රජතුමා 



අභය වැව 





බසවක්කුලම වැව 

Post a Comment

Instagram

සොබාදම් දිනපොත - Diary Of Nature | Designed by Oddthemes | Distributed by Gooyaabi