සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම දුරකින් පිහිටි ග්‍රහ වස්තුව

     
        සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම දුරකින් පිහිටි ග්‍රහ වස්තුව






හිරුත් පෘථිවියත් අතර දුර මෙන් 103 ගුණයක් ඈතින් සෞරග්‍රහ මණ්ඩලය තුල පිහිටි ග්‍රහ වස්තුවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වෙලා තියනවා.මීට පෙර සෞර්ග්‍රහ මණ්ඩලයේ දුරස්ථම ග්‍රහ වස්තුව ලෙස සොයාගෙන තිබුනේ නක්ෂත්‍ර ඒකක හෙවත් හිරුත් පෘථිවියත් අතර දුර මෙන් 97 ගුනයක දුරකින් පිහිටි ඊරිස් නැමැති වාමන ග්‍රහලොවය..(නක්ෂත්‍ර ඒකක 1ක දුරක් ආසන්න වශයෙන් කිලෝමීටර මිලියන 150කි )

වොෂිංටන්හි පිහිටි විද්‍යාව පිළිබද කේම්බ්‍රිජ් ආයතනයේ ස්කොට් ෂෙපර්ඩ් විසින් මේ වාමන ග්‍රහලොව සොයාගෙන ඇති අතර ඒ පිළිබද විද්‍යාත්මක වාර්තාව ඉකුත් 10 වෙනිදා මේරිලන්ඩ් හි පැවැති ඇමෙරිකානු තාරකා විද්‍යා සංගමයේ ග්‍රහලෝක පිළිබද  අංශයේ හමුවකට ඔහු ඉදිරිපත් කර තිබිණි...





මෙය පිහිටා ඇත්තේ නෙප්චූන් ග්‍රහයාට එපිටින් පිහිටා ඇති වල්ගාතරු ග්‍රාහක සදහා නිවහනක් වන කයිපර් පටියෙහි කෙළවරටද එපිටින් ඌට් වලාවේ ඇතුලත මායිම ආසන්නයෙනි.

http://theconversation.com/new-planet-like-body-found-sneaking-through-the-inner-oort-cloud-24865

Post a Comment

Instagram

සොබාදම් දිනපොත - Diary Of Nature | Designed by Oddthemes | Distributed by Gooyaabi