විශ්වයේ තතු සොයාගිය තාරකා විද්‍යාවේ ඓතිහාසික පසුබිම

විශ්වයේ තතු සොයාගිය තාරකා විද්‍යාවේ ඓතිහාසික 
පසුබිම පිළිබදව පුංචි පැහැදිලි කිරීමක්..!!!




"ඉතා අනාදිමත් කාලයක මිනිස්සු ගොවිතැනෙන් සහ සතුන් දඩයමෙන් ජීවත් වුනා.එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගැනීමට ඔවුන් ගලෙන් සහ ලීයෙන් තැනූ මෙවලම් භාවිතා කලා.ඉතින් කාලය ගතවනත් සමගම ඔවුන් නිරායාසයෙන්ම අහස තේරුම් ගැනීමටත් මෙවලම් භාවිතාකර ඒවා මැනීමටත් පුරුදු වුනා...
අහස , එදා මිනිසාගේ සිත ඇද ගැනීමට සමත් වූවා වගේම අහසෙන් පොලොවට ඇදිල එන විදුලිය(හෙන ) වගේ ස්ව්භාවික සිදිධීන් නිසා මිනිසුන්ගේ සිත් තැති ගත් නිසා ඒවාට දේවත්වයක් ආරූඪ කලා..හිරුගේ සැර සූර්‍ය දිව්‍ය රාජයා ලෙස සලකා පුදපූජා පැවැත්වූ එදා අතීත පැරැන්ණන් සද සුකොමල දෙවගනක් ලෙස සලකුවා...
සෑම සැන්දෑවකම කළුවර වීගෙන එනවිට හිසට ඉහළින් තරු බැබලෙනවා දැක පුදුමවුනා .,ඔවුන් තරු දෙස නෙත් යොමා ගෙන පැය ගණනක් කල්පනා කරන්නට විය..ඊව පිළිබද අපූරු කතාන්දර ගෙතීමට පටන් ගත් ඔවුන් සිතින් මවාගත් සිතුවම් ඔවුන්ගේ ගල්ලෙන් වල බිත්තිවල සිත්තම් කලේය.
ඉතින් මේ විදිහට අහස දෙස විමසිලිමත් වූ අතීත මුතුන් මිත්තන් හැමදාම එකම රටාවට ගමන් කරන තරු අතරින් ඊවාට වඩා දීප්තියෙන් වැඩි තරු පහක් අනිත් තරුවල ගමන් මගට වඩා වෙනස් ගමන් මගක ගමන් කරන බව ඔවුන් දැක්කා,,ඉතින් මේවට ග්‍රහලෝක කියල නම් කලා.හිරු සදු වගේ අනිත් තරුවලට වඩා වෙනස් වූ ග්‍රහලෝක වඩා බලසම්පන්න යැයි හිතලා ඒවා දෙවිවරු හා සම්බන්ද යැයි ඔවුන් සැලකුවා.එතැන් සිට ආදී මිනිසා නක්ෂත්‍රය පටන් ගත්තා...
ඉන් පසුව මිනිසා ශිෂ්ඨ සම්පන්න වී කෘෂිකර්ම ජීවිතයකට හැඩ ගැසෙන විට අහස දෙස බලලතමන්ගේ වගා කටයුතු වලට සුදුසු කාලය තීරනය කරන්න ඔවුන් තීරන ගත්තා.ආකාශ වස්තූන්ගේ ගමන් මග අනුව පරිසරයෙහි වෙනස්වීම් සිදුවන බව ඔවුහු වටහා ගත්තා.....තාරකා විද්‍යාව කියන්නේ විද්‍යාත්මක ක්‍රමය රැගත් ලෝකයේ පැරණිම විද්‍යාවන්ගෙන් එකක්. එය පෞරාණික ග්‍රීක යුගය දක්වා දිවයන අතර දියුණු නිරීක්ෂණ ක්‍රම ඊටත් වඩා ඈත අතීතය කරා දිවයයි.
එදා මිසර ජාතිකයින් නයිල් ගංගාව අසබඩ වගා කරන්නට යෙදුනා...ඔවුන්ගේ ගොවිතැන් ආරක්ෂා කිරීමට රාත්‍රී කාලයේ එළිමහනේ ගත කරා..ඒ විතරක් නෙමෙයි තනිකම, පාලුව, කාන්සිය මකා ගැනීමට ඔබුන් තවත් අහසට සමීප වුනා....සීරියස් තරුව පායන දෙස බලා මිසරයේ පූජකයින් නයිල් ගගේ ගංවතුර ගලන මොහොත ගැන අනාවැකි පල කරන්නට ගත්තා,,,
සීරියස් තරුව හිරු සදු සමග එක විට පායන වෙලාවට ගංවතුරක් එන බව ඔවුන් ජනතාවට දැනුම් දුන්නා..ඉතිහාසයට අනුව මිසරයේ පිරමීඩ හදලා තියෙන්නෙත් තරුවල ගමන් මග හසුකර ගත හැකිවන පරිදි..,
ඔවුන් මේ විදිහට අහස දෙස බලල දුටු දේ අනුව එක් එක් නිගමන වලට සහ මත ඉදිරිපත් කලා..ඇරිස්ටෝටල් පඩිවරයා පෘථිවිය පැතලි වස්තුවක් නොවන බව නිගමනය කලෙත් මේ විදිහට අහස දිහා බලලා කියල ඉතිහාසෙ සදහන් වෙනවා..එකල ජීවත් වූ ඇරිස්ටාටස් නම් ග්‍රීක පඩිවරයා පෘථිවිය සූර්‍යා වටේ ගමන් කරන බව ලොවට හෙලි කලා...ඒත් මේ මතයට ඒ කාලේ සාක්ෂි තිබුනෙ නැහැ.මේ වකවානුව තුල විශ්වයේ පෘථිවිය හරිමැද යැයි සිතූ ටොලමිගේ මතය එකළ පිළිඅරගෙන තිනුමා.ඉර, සද,තරු පෘථිවිය වටා භ්‍රමණය වන බව ඔවුන්ට සිතුනා..
16 වන සියවසේදි තාරකා විද්‍යාව පිළිබද නව අදහස් ඉදිරිපත් කළ ඕලන්ද ජාතික නිකලස් කොපර් නිකස් ..,සූර්‍යා වටා භ්‍රමණය වන බව තහවුරු කලා.නමුත් බොහෝ අය මොහුගේ මතයත් පිලිගැනීමට අකමැති වුනා. එහෙත් ආකිමිඩිස් ගණිත සංකල්ප පදනම් කරගෙන ටයිකොබ්‍රාහිගේ ගණනය කිරීම් මගින් ටොලමිගේ විශ්ව සංකල්පය වැරදි බව පෙන්වාදුන්නා...ඒ වගේම නිකලස් කොපර් නිකස් පෘථිවියට තම අක්ෂය වටා භ්‍රමණය වීමට පැය 24ක් ගතවන බව ලොවට මුලින්ම හෙලිකරල දුන්නා...ටයිකො බ්‍රාහිගේ මිත්‍රයෙකු වුනු ජර්මන් ජාතික ජොහැනස් කෙප්ලර් විසින් මෙම ගණනය කිරීම් ආධාර කරගෙන ග්‍රහයින්ගේ ගමන් මග ඉලිප්සාකාර බව පෙන්වලා දුන්නා...
ඉතින් තාරකා විද්‍යාවේ දෙවෙනි යුගය ආරම්භ වුනේ ඕලන්ද ජාතික ඇස් කණ්නාඩි කරුවෙකුවුන අර්නස් ලිපර්ෂි දුර බලන කණ්නාඩියක් සෑදීමෙන් පසුවය.1609 දි ඉතාලි ජාතිකයෙකු වුනු ගැලීලියො ගැලිලි වර්ථන දුරේක්ෂයක් හදලා ඒ මගින් අහස නිරීක්ෂණය කරන්නට පටන් ගත්තා.
දූරේක්ෂය සොයාගැනීමට පෙර තාරකා විද්‍යාවට මහඟු මෙහෙවරක් ඉටු කළ උපකරණය වූයේ තරු මාලිමාවයි.” මධ්‍යතන යුගයේදී මැදපෙරදිග සිටි විද්‍යාඥයන්, කාලය නිර්ණය කිරීමටත් ආකාශ වස්තුවල පිහිටීම සොයා බැලීමටත් එම උපකරණය යොදාගත්තා.තරු මාලිමාව සාදා තිබුණේ වානේ තැටියකයි. එම තැටියේ තරුවල පිහිටීම ලකුණු කර තිබුණා. එම තැටිය සවි කර තිබූ තැටියේ දාරයේ අංශක හා සමහර ඒවායේ පැයද සඳහන් වුණා. පින්තූරයේ පෙනෙන ලෙස එහි ඔරලෝසුවක මෙන් කටුද තිබුණා. එම කටුව තාරකාව දෙසට ස්ථානගත කරන විට තරු මාලිමාව ආධාරයෙන් තරුවේ පිහිටීම නිශ්චිතවම සොයාගත හැකි වුණා.විශිෂ්ට ලෙස සාදා තිබූ තරු මාලිමාවක් භාවිත කිරීමෙන් තරු හඳුනාගැනීමටත්, හිරු නඟින හා බසින වෙලාව සොයාගැනීමටත්, මක්කම පිහිටි දිශාව දැනගැනීමටත්, ඉඩම්වල ප්‍රමාණයන් මැනගැනීමටත්, යම් ස්ථානවල උස මැනීමටත් මුහුදු මාර්ග සොයාගැනීමටත් හැකි වුණා. එය ඇත්තෙන්ම එවකට තිබූ සුපිරි පරිගණකයක් කියා පැවසිය හැකියි.
ඉන්පස්සෙ තාරකා විද්‍යාවේ තවත් පෙරලියක් ඇතිවුනා.පියවි ඇසට වඩා හොදින් දුරේක්ෂ තුලින් විශ්වය දෙස බැලීමට මිනිසාට හැකියාව ලැබුනා.අපිට පෙනෙන සද හැර අනික් ග්‍රහලෝක වල චන්ද්‍රයින් ද ඒ මගින් දැකගැනීමට අවස්ථාව ලැබුනා.ගැලීලියෝ ගැලිලි බ්‍රහස්පතිගේ විශාලම චන්ද්‍රයින් හතර දෙනා පළමුවෙන්ම සොයා ගත්තා.
දුරේක්ෂ තුලින් අහස නිරීක්ෂණය කල මිනිසා විශ්වය තව තවත් පුළුල් බව තේරුම් ගත්තා. අප ජීවත් වෙන පෘථිවිය විශ්වයේ මැද නොවන බවත් නොයෙකුත් තරු පංති ඈතට විහිදී ඇති බවත් සොයා ගත්තා.මෙතෙක් කල් ගණිත සංකල්ප තුලින් විශ්වය දුටු මිනිසා දුරේක්ෂ නිසා තාරකා විද්‍යාව නව මගකට යොමු වුනා...ඒ වගේම ගණිත සංකල්ප නිසා තාරකා විද්‍යාවේ වර්ධනයක් සිදු වන්නට වුනා... 
කෙප්ලර්ගෙ සෞරග්‍රහ මණ්ඩලය පිළිබද නියමයන් තුන සහ ගැලීලියො ගැලිලිගේ යාන්ත්‍ර විද්‍යාව පිළිබද ගණිත සංකල්පය නිසා ලෝකයේ විශිෂ්ඨ විද්‍යාඥයෙකු පහල වුනා මොහු තමයි බ්‍රිතාන්‍ය ජාතික අයිසැක් නිව්ටන් ..මොහුගේ චලිතය පිළිබද නියම පදනම් කර ගැනීමෙන් මිනිසාට අභ්‍යවකාශය තරණය කිරීමට හැකියාවක් ලැබුණා.
1671 දි අයිසැක් නිව්ටන් මේ වන විටත් නිව්ටෝනියන් ලෙස හදුන්වන පරාවර්ථක දුරේක්ෂය නිර්මාණය කලා.1790 දී නිව්ටෝනියන් දුරේක්ෂය භාවිතා කර විලියම් හර්ෂල් තවත් අලුත් ග්‍රහලෝකයක් සොයා ගත්තා.ඒ යුරේනස් ග්‍රහලෝකය.1846 ජොහැන් ගෝල් විසින් නෙප්චූන් ග්‍රහලෝකය සොයා ගත්ත...(අපේ වෙබ් පිටුව මගින් ග්‍රහලෝක පිළිබද ලිපි වලින් ඔයාලට ඒ ගැන තවත් විස්තර දැනගන්න පුලුවන්) 1906 දි ඇමෙරිකානු ජාතික පර්සි ලොවෙල් නවවෙනි ග්‍රහයෙකු සිටින බවට අනාවැකි පල කරා..නමුත් ඔහු මියයන තුරුම එය දුටුවේ නැහැ.1930 දී ඇමෙරිකානු ජාතික ක්ලයිඩ් තම්බෝ මෙම ග්‍රහයා සොයාගත් අතර එය ප්ලූටො නමින් හැදින්නුවා..
ඉතින් අයිසැක් නිව්ටන්ගේ චලිතය පිළිබද නියම පදනම් කරගැනීමෙන් මිනිසාට අභ්‍යවකාශය තරණය කරන්නට හැකියාව ලැබුවා වගේම එය ආරම්භයට ප්‍රථමයෙන්ම 1957 ඔක්තොම්බර් මස 4වෙනිදා..,සෝවියට් දේශයෙන් අභ්‍යවකාශයට යැවූ ස්ඵුට්නික් 1 සමග චන්ද්‍රිකා යුගය ආරම්භ වුනා...ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී ඈත අභ්‍යවකාශය ගවේෂණය කිරීමට ත්..,පෘථිවියේ සිට පාලනය කල හැකි නවීන උපකරණ සහිත යානා නිර්මාණය කරන්නටද මිනිසාට හැකිවුනා.
19-20 ශතවර්ෂවලදී තාරකා විද්‍යාත්මක ‍‍ක්ෂේත්‍රයේ සිදු වූ තාක්ෂණික දියුණුවත් නව උපකරණ නිපදවීමත් සමග අභ්‍යවකාශ තාක්ෂණය වේගයෙන් දියුණු වුනා.මෙහි ප්‍රතිඵලයන් ලෙස,විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා වාර්තා ගත සතුන් අභ්‍යාවකාශයට මුදා හැරීම,ඉන් පසුව පළමුවරට මිනිසුන් අභ්‍යවකාශ ගත කිරීමත්,(සද මත ගොඩ බැසීම)අභ්‍යාවකාශ යානාවලින් ග්‍රහලෝකවල ඡායාරූප පෘථිවිය කරා සම්ප්‍රේෂණය කිරීමත්, අභ්‍යාවකාශ තටාකනය කිරීම් වැනි මිනිස් ඉතිහසයේ සුවිශේෂී සිදුවීම් රෑසක් ද සිදුවුනා...

ඉතින් තාරකා විද්‍යාව කියන විෂය ක්ෂේත්‍රය එදත් අදත් අනගතයේදීත් මිනිසා සිත් ඇදබැ
ද ගන්නා කරුණක් වනවා නොවනුමානයි...අනාගතයේදී අති දියුණු තාක්ෂණයත් තාක්ෂණ ක්‍රමවේදත් තුළින් මෙකි තාරකා විද්‍යාවේ තිබෙන මෙතෙක් නොවිසදුණු අභිරහස්වලට ද පිළිතුරු සොයාගැනීමට හැකිවනු නොවනුමානය. .. 

Comments