තාරකා විද්‍යාව
Tuesday, May 23, 2017
~~~SKYLK වෙබ් අඩවිය ගෙන එන ලිපි මාලාව~~~
සෑම රාත්‍රියකම හිරු බැස ගිය පසු අහස පුරා මතුවන්නට පටන් ගන්නා තරු කැට මනරම් දර්ශණයකි. මේ තරු සියල්ල අප ජීවත්වන ක්ෂිරපථය නම් මන්දාකිණියේ කොහේ හෝ ඇති ඒවාය. තාරකා විද්‍යාවට අවතීර්ණ වන අයකුට ආරම්භයක් ලෙස කල හැකි මුල්ම දේ නම් මෙම තරු පියවි ඇසින් නිරීක්ෂණය කිරීමය.අද රාත්‍රී අහස පැහැදිලි නම් ඔබට තාරකා රාශි කීපයක් හදුනාගත හැකිවනු ඇත.
ඔරායන් තාරකා රාහිය
සෑම රාත්‍රියකම හිරු බැස ගිය පසු අහස පුරා මතුවන්නට පටන් ගන්නා තරු කැට මනරම් දර්ශණයකි. මේ තරු සියල්ල අප ජීවත්වන ක්ෂිරපථය නම් මන්දාකිණියේ කොහේ හෝ ඇති ඒවාය. තාරකා විද්‍යාවට අවතීර්ණ වන අයකුට ආරම්භයක් ලෙස කල හැකි මුල්ම දේ නම් මෙම තරු පියවි ඇසින් නිරීක්ෂණය කිරීමය.අද රාත්‍රී අහස පැහැදිලි නම් ඔබට තාරකා රාශි කීපයක් හදුනාගත හැකිවනු ඇත.
ඔරායන් තාරකා රාහිය
රාත්‍රී අහස දෙස බලන ඔබට ඔරායන් රාශිය හදුනාගත හැකිද? ඔරායන්ගේ බදපටියට අදාල තරු ත්‍රිත්වය ඔබට ඉක්මනින්ම හදුනාගත හැකිය. ඔබට ඔරායන් සොයාගත නොහැකි නම් කණගාටු නොවන්න. සමහර විටක ඔබ අහස නිරීක්ෂණය කරනු ලබන වේලාව අනුව ඔරායන් දැකගත නොහැකි වීමට ඉඩ ඇත. කෙසේ වෙතත් තාරකා රාශි යනු අහසේ ප්‍රදේශ ඉක්මනින් හදුනාගත හැකි වන ලෙස පසු කලකදී බෙදා වෙන්කරගන්නා ලද කොටස් ය. මෙවැනි කොටස් හෙවත් තාරකා රාශි 88ක් ඇත. මෙම තාරකා රාශි හදුනා ගැනීමට තාරකා සිතියමක් භාවිතා කල හැක.
විවිධ තරු විවිධ දීප්තතාවයන්ගෙන් යුක්ත බව තරු නිරීක්ෂණය කරන ඔබට අවබෝධ විය හැකිය. තාරකා විද්‍යාඥයින් තරු ඒවායේ දීප්තිය අනුව වර්ග කරයි. ඒ අනුව දීප්තිමත්ම තරු දීප්තවිශාලත්ව 1 වන අතර අඩුම දීප්තියෙන් යුත් තරු දීප්තවිශාලත්ව 6 වේ. අනෙක් තරු මේ අතරමැදි අගයන් ගනියි. මෑතකදී නම් මෙම තරු වල දීප්තතාවයන්ගේ කුඩා වෙනස්කම් සදහා දශමස්ථාන භාවිතා කරන අතර සමහර විටක සෘන අගයන්ද භාවිතා කරයි. මෙහිදී මතක තබා ගත යුතු දෙයනම් දීප්තවිශාලත්ව වැඩි තරු යනු දීප්තිය අඩු එනම් දැකීමට අපහසු තරුයි.
වෘෂභ රාශියේ පිහිටා ඇති හත්දින්නත්තරු හෙවත් pleiades
බොහෝ තරු, ඒවා තාරකා රාශියේ පිහිටන ස්ථානය අනුව නම් කර ඇත. උදාහරණයක් ලෙස ඔරායන්ගේ වම් දණහිසෙහි ඇති තරුව රිජෙල් (Rigel) නම් වේ. මෙහි අර්ථය අරාබි බසින් “යෝධයාගේ වම් පාදය” යන්නයි. ඔබ මිට මෙලවූ අත හැකිතාක් දිගුකොට අහස දෙසට යොමුකල විට අතෙහි ඇගිලි පහෙහි පලල තරම් දුරක් (අංශක 10ක්) පැයක් තුල දී තරු බටහිර දෙසට චලනය වෙයි. ඔබ උතුරු හෝ දකුණු ක්ෂිතිජයේ ඇති තරු රටා නිරීක්ෂණය කලහොත් ඒවා ධ්‍රැව වටා භ්‍රමනය වන බව පෙනේවි. මීට අමතරව දින ගතවන විට සියලුම තරු රාශි බටහිර දෙසට ක්‍රමයෙන් චලනය වේ. මෙම සියලුම චක්‍ර සදහා හේතු වන්නේ පෘථිවිය තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වීමයි.
තරු මෙන් ග්‍රහලෝක එකම පිලිවෙලටම දැකගත නොහැකිය. නමුත් සියලුම ග්‍රහලෝක අහසේ එක්තරා ගමන් පථයක් ඔස්සේ යනු දැකිය හැකිය. මෙය ක්‍රාන්තිවලය (ecliptic) නම් වේ.මෙය සැබැවින්ම ග්‍රහලෝක ගමන් කරන මග නොව පෘථිවියේ භ්‍රමන චලිතය තරු මත ප්‍රක්ෂේපණය කිරීමකි. තරු සිතියමක් ගත් කල ඔබට ක්‍රාන්තිවලය ඉතාමත්ම පහසුවෙන් සොයාගත හැකිය.
චන්ද්‍රයා සිකුරු සහ අගහරු (පහල)
බුධ (Mercury) සහ සිකුරු (Venus) යන ග්‍රහලෝක වල සිට සූර්යයාට ඇති දුර පෘථිවියේ සිට සූර්යයාට ඇති දුරට වඩා අඩුවන බැවින් නිතරම බුධ සහ සිකුරු සූර්යයා සමගම උදා වී සූර්යයා සමගම බැස යයි. විශේෂයෙන්ම බුධ ග්‍රහයා දැක ගැනීමට ඉතාමත්ම අපහසු ය.
චන්ද්‍රග්‍රහණයකදී චන්ද්‍රයා තඔ පැහැයෙන් දිස්වන අයුරු
පිටත ග්‍රහලෝක සෙමෙන් චලනය වන නිසා (ඒවාට ඇති දුර සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුරට වඩා වැඩි නිසා) ක්‍රාන්තිවලය හරහා ඒවා දීර්ඝ කාලයක් නිරීක්ෂණය කල හැකිය. විශේෂයෙන් අගහරු (Mars), බ්‍රහස්පති (Jupiter) සහ සෙනසුරු (Saturn) මෙලෙස පියවි ඇසින් දැකගත හැකි වස්තූන්ය. මීට ඔබ්බෙන් ඇති යුරේනස් (Uranus) සහ නෙප්ටූන් (Neptune) දැකගැනීමට නම් දුරේක්ෂයක අධාරය අත්‍යවශ්‍ය වේ. පියවි ඇසින් දැකගත හැකි අනෙක් ග්‍රහ වස්තුව නම් චන්ද්‍රයා යි. දින 28ක් ඇතුලත චන්ද්‍රයාගේ කලාව වෙනස් වේ.
රාත්‍රී අහස නිරීක්ෂණය ඉතාමත්ම පහසු කටයුත්තකි. ඔබට අවශ්‍ය මුලික දැනුම සහ ඕනෑකම පමණි. අහස නිරීක්ෂණයට දුරේක්ෂයක් අත්‍යවශ්‍ය වන්නේ නැත. දුරේක්ෂයක් භාවිතයෙන් තොරව කල හැකි නිරීක්ෂණ බොහොමයකි.
විශේෂ ස්තූතිය SKYLK වෙබ් අඩවිය වෙත ,මෙහි සම්පූර්ණ අයිතිය මුල් කතෘ සතුය
~~~SKYLK වෙබ් අඩවිය ගෙන එන ලිපි මාලාව~~~
රාත්‍රී අහස කෙතරම් මනස්කාන්තද ,ඒ රාත්‍රී අහස එතරම් මනස්කාන්ත වන්නේ තාරකාවන් නිසාය.තරකා වලටද අපවැනිම වූ ජිවිතයක් ඇත. නමුත් අපගේ ආයුකාලය සමඟ සසඳන විට තාරකාවල ආයුකාලය ඉතා විශාලය.
සාමාන්‍යයෙන් තාරකාවක ආයුකාලය මනිනු ලබන්නේ අවුරුදු බිලියන,මිලියන ගනනින් වේ. එම තාරකාවන්ට ඉපදීමක් මෙන්ම මරණයක්ද ඇත. එසේ නම් මේ විශ්මිතවූ තාරකා පිළිබඳ වූ කථා පුවත විමසාබලමු.
තාරකාවක් යනු කුමක්ද? සරලව කිවහොත් තාරකාවක් යනු ශක්තිය පිටකරමින් රසායනික ප්‍රතික්‍රියා සිදුකරන ස්වයංදිදුලීමක් ඇති ආකාශ වස්තුවකි.තවද තාරකාවක් ඉතා විශාලන් අතර ස්කන්ධයෙන් ටොන්කෝටිගනනින් යුක්ත වේ.අපගේ සූර්යයාද එවැනිම තාරකාවක් බව ඔබදනී.සූර්යයා මෙන් සිය දහස් ගනනින් විශාලවූද කුඩාවූද තාරකා අප ක්ෂීරපථ මන්දාකිණියේ ඇත. තාරකා ඉතා විශාල ප්‍රමාණයක් අප ක්ෂීරපථයේ ඇති නමුත් සෑම තාරකාවක්ම නම්කල නොහැකිය.වඩාත් දීප්තිමත් හා විශාලවූත් තාරකා බොහෝමයක් නාමකරණය කර ඇත. උෂ්ණත්වය,ස්කන්ධය,අරය,ඝනත්වය,වර්ණාවලිය,නිරපේක්ෂ දෘශ්‍ය විශාලත්වය,දීප්තිය යනු තාරකාවක් වර්ගීකරණය කිරීමේදී භාවිතයට ගන්නා මාන කීපයකි. මෙම මානයන් උපයෝගී කරගනිමින් තාරකාවල ස්භාවය පිළිබඳත් තාරකාවල පරිණාමය වන අයුරුත් ගණිතමය මූලධර්ම පදනම් කොටගෙන විස්තර කීරීමට තාරකාවිද්‍යාඥයින්ට හැකිය. තාරකාවක් පරිණාමය පිළිබඳ හැදෑරීමේදී වැදගත්වන බල දෙකක් ඇත එනම්, අභ්‍යන්තරයට යෙදෙන ගුරුත්වබලය නිසා තාරකාව සංකෝචනය වන බවත් එමෙන්ම අභ්‍යන්තරයෙන් පිටතට ඇතිවන පීඩනය නිසා තාරකාව ප්‍රසාරණයවීම යන කරුනත් වේ. එසේ තාරකාවේ පරිණාමය සිදුවීම පිළිබඳ අප විස්තරාත්මකව විමසාබලමු.
තාරකාවක් සිය ජීවිතය අරඹන්නේ දැවැන්ත දූවිලි වලාවක් සංකොචනය වී කැටිගැසීමෙන් බව ඔබ ඇතැම්විට අසා ඇත. එම වායුවලා හඳුන්වනේ අන්තර්තාරීය මාධ්‍ය (Interstellar medium) ලෙසයි. මෙම වායුවලාව අණුකවලාව ලෙසද හදුන්වයි. මෙම අණුක වලාවේ අඩංගුව ඇත්තේ හයිඩ්‍රජන්,හීලියම් සහ සුළුවශයෙන් නයිට්‍රජන්,ඔක්සිජන් ,කාබන් ,කැල්සියම්,සෝඩියම් යන පරමාණුද යකඩ සහ සිලිකේට් යන මූලද්‍රව්‍යයන්ද වේ. මෙම දුහුවිලි වායුවලාව මුල් අවදියේ ඉතාමත් ශීතලව පවතී පසුව එම වායුවලාව හැකිලීමේදී වලාවේ අඩංගු අංශු ගුරුත්ව කේන්ද්‍රය දෙසට ආකර්ෂණය වීමේදී එහි උෂ්ණත්වය ඉතා සීඝ්‍රයෙන් ඉහල යයි. එම එම උෂ්ණත්වය කෙල්වීන් (K) 150 000 පමණ අගයක් ගනී. මෙලෙස ලංවන දුහුවුලි අංශුවල අන්තර්ක්‍රියා හේතු කොටගෙන එම ප්‍රදේශය දීප්තිමත් බැබලීමකට පටන්ගනී. එම අවධියේදී තාරකාවක ප්‍රාග් අවස්ථාව හෙවත් ප්‍රාග් තාරකාව (Proto star) ලෙස හදුන්වයි. මෙම ප්‍රාග් තාරකාව අලුතින් ඇතිවූ තාරකාවක් ලෙස දෘෂ්‍යමාන වේ. එහිදී ප්‍රග්තාරකාවේ දීප්තිය සූර්යයාගේ දීප්තිය ඉක්මවායයි. ප්‍රාග් තාරකාවේ න්‍යෂ්ටියේ අඩංගු පරමාණු එකිනෙක ගැටී ප්‍රතික්‍රියා සිදුවීම ඇරඹෙන තෙක් මෙම ප්‍රාග් තාරකාව සංකෝචනය වීම සිදුවේ.මෙම කාලය තුලදී එහි මතුපිට උෂ්ණත්වය නොවෙනස්ව පවතී න්‍යෂ්ටියේ ඇති පරමාණු එකිනෙක ගැටී න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව ඇතිවන්නේ කෙල්වීන් (K) 15 000 000 ක් පමණ උෂ්ණත්වයක් ඇතිවන තරම් වූ ප්‍රවේගයකින් ප්‍රාග්තාරකාවේ අංශු එකරාශී වන විටය. මෙහිදී තාරකාවේ ගුරුත්වීය සංකොචනය කෙමෙන් අඩුවේ. මෙහි ලිතියම්,බෙරලියම් හා බෝරෝන් යන මූලද්‍රව්‍යයන් ප්‍රොටෝන සමඟ ප්‍රතික්‍රියාවට නැගේ. මෙහිදී ප්‍රතිඵලයක් ලෙස හීලියම් සෑදේ තවද ,හයිඩ්‍රජන් දහනය ඇරඹේ. මෙසේ සිදු වීම හේතුවෙන් විශාල ශක්තියක් අවකාශයට මුදාහරී. පසුව මෙම හීලියම්,කාබන්,ඔක්සිජන්,ආදිය වෙන වෙනම මූලද්‍රව්‍ය බවට පත්වේ. මෙම ප්‍රතික්‍රියා ඉතා දීර්ඝ කාලයක් සිදුව්මින් පවතී. මෙසේ ප්‍රතික්‍රියා වීම නිසා ප්‍රතික්‍රියාවන්ට ප්‍රතික්‍රියක කිසිවක් ඉතිරි නොවන අවධියක් උදාවේ. මෙහිදී තාරකාව බිඳවැටීමට පටන් ගනී. මෙහිදී තාරකාව සිසිල්වන අතර තාරකාව රතු පැහැයට හුරුවේ.දැන්තාරකාවේ කබොල නැතහොත් පිට කවරය ප්‍රසාරණයවී රතු යෝධ තරුවක් බවට පත්වේ. මෙහිදී සමහරක් තරු එනම් ස්කන්ධාධික තරු සුපිරිනෝවා ආකාරයට පුපුරායයි. අවසානයේ ප්‍රථිපලයක් වශයෙන් ඉතිරිවන හරය දැවැන්ත එකක් නම් එය අධික ගුරුත්ව බලයකින් යුත් කළුකුහරයක් බවට (Black hole) පත්විය හැකිය.තාරකාවක පරිණාමය ඉතාකෙටියෙන් කිවහොත් එසේය.
තාරකාවක් පරිණාමය වන හැටි...,
තාරකාවක් තම ජීවිතය අරඹන්නේ අණුකවලාවක් කැටිවීමෙන් බව ඉහතදී සඳහන්කරන ලදී එවැනි අණුකවලා ඉතා විශාල සංඛයාවක් අප ක්ෂීරපථයේ ඇත. එවැනි මාධ්‍යයන් ආලෝකවර්ෂ විශාල ගණනාවක් විශාලය. රාත්‍රී අහසේ දැකිය හැකි ඔරායන් නිහාරිකාව (M42)යනු මෙවැනි මාධ්‍යයකි. ඔරායන් නිහාරිකාවේ අලුත උපන් තාරකා මෙන්ම ඉපදෙන තාරකාද බොහෝ ඇත. ඉහතදී සඳහන් කළ ප්‍රාග් තාරකා ඇතිවන්නේ මෙවැනිම වූ මාධ්‍යයන් කැලඹීමට ලක්වීමෙනි. මෙම ප්‍රාග් තාරකාවහි අභ්‍යන්තර උෂ්ණත්වය 10000℃ පමණ වන තෙක් ප්‍රාථමික තාරකා වක් ලෙස හඳුන්වයි. මෙම අවධියේ සිටින තාරකාවල විශේෂත්වය වන්නේ තාරකාව වටා අණුක වලාව පිහිටා තිබීමයි. එවැනි තාරකා නිරීක්ෂණය කර දැක බලා ගැනීම ඉතා පහසුය. නමුදු මෙම ලාබාල තාරකාව තරුණ අවධියට පාතබන විට එය ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරේ. එහිදී තාරකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දහස් ගණනින් ඉහල යයි.එම හේතුවෙන් සිදුවන ප්‍රතික්‍රියා නිසා තරුවේ සිට ඉතා විශාල ශක්තියක් මුදා හරී, මෙම ශක්තිය හේතුකොට ගෙන තාරකාව අවට ඇති වාත කැළඹීමට ලක්වී සුළංධාරාවක් හැමීමට පටන් ගනී.එහෙයින් තාරකාව වටා ඇති අණුක දූලිවලාව තරුවේ සිට ඈතට විසිරීයයි. මෙහිදී මතක් කලයුතු විශේෂ කරුණක් වන්නේ අප සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇත්තේද මේ ආකාරයටමය. එහිදී මුල්වී ඇත්තේ ඌට් නම් වලාවයි, මෙම ඌට් වලාව එකී ක්‍රියාදාමය නිසා ආලෝක වර්ෂ 1.5 පමණ ඈතට විහිදී ගොස් ඇත.එහිදී තාරකාව සමඟ පැවතුන වලාවේ ශේෂ කොටස් ග්‍රහලෝක බවට පත්වේ.එම ග්‍රහලෝක තාරකාව වටා ගමන්ගනී මෙහිදී එකිනෙකා අතර ගුරුත්ව බලය බලපායි. මෙසේ තාරකාව වටා ග්‍රහලෝක ගමන් ගන්න දුහුවිලි තැටිය ප්‍රාග් තැටිය ලෙස හදුන්වයි. ඔරායන් නිහාරිකාවේ මේවනවිට මෙවැනි ප්‍රාග් තාරකා 150 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. මෙම ප්‍රාග් තාරකාව වටා ප්‍රාග් තැටි පවතින බවට විද්‍යාඥයින් තුල සැකයක් පවතී. ප්‍රාග් තැටියේ අභ්‍යන්තරය ගැන කතා කලහොත් 99% පමණ වායූන් හා 1% පමණ දුහුවිලි අංශු අඩංගුවේ.
මෙම අවථාවේදී ප්‍රාග් තාරකාව තරුණ අවධියකට පාතබයි. අපගේ සූර්යයාද තරුණ අවධියේ පසුවෙන තාරකාවකි.මෙම තරුණ අවධියේ තාරකාව හයිඩ්‍රජන් සියල්ල දහනය වීම අවසන් වන තෙක් වසර බිලියන ගනණාවක් පවතී. මෙම කාලයේදී තරුව උපරිම ශක්තියක් නිපදවයි. මෙහිදී තාරකාව සතුව පවතින හයිඩ්‍රජන් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවට ලක්වී හීලියම් බවට පරිවර්තනය කරයි. මේ හේතු කොටගෙන දීප්තිමත් වූ තාරකාවක් බවට පත්වේ. හට්ස් ස්ප්‍රන්ග් රසල් (Hertz spang Russell -HR) නමින් හදුන්වන තාරකා වර්ගීකරණ ප්‍රස්ථාරයේ ප්‍රධාන අනුක්‍රමණයේ මෙම තරුණ අවධියේ තාරකා නිරූපනය කරයි. මෙම ප්‍රස්ථාරයට අනුව තාරකාවක් ඇතුලත් කරන්නේ එම අදාල තරුවේ වර්ගය,උෂ්ණත්වය, දෘෂ්‍ය දීප්තිතාවය, නිරපේක්ෂ දීප්තිය හා වර්ණාවලිය යන සාධක පදනම් කොටගෙනය. ඉහතදී කී කරුණු පිළිබඳව පහත HR සටහන අධ්‍යනයෙන් වටහා ගත හැකිය.
ස්ප්‍රන්ග් රසල් (Hertz spang Russell -HR) සටහන
මෙම ප්‍රස්ථාරයේ ප්‍රධාන අනූක්‍රමණයේ මධ්‍ය කොටසට වන්නට අපගේ සූර්යයා පිහිටා ඇතිබව ඔබට පෙනේ . එයින් පැහැදිලිවන්නේ අප සූර්යයා මේවනවිට තරුණ අවධියේ පසුවන බවයි. තවද අප සූර්යයා අවුරුදු බිලියන 10 තරම් කාලයක් මෙම ප්‍රධාන අනුක්‍රමණයේ ගතකරයි .මෙම තරුණ තාරකාව තම ශක්තිය පිට කරමින් හයිඩ්‍රජන් හීලියම් බවට පත් කරන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව බිද වැටුන පසු තාරකාව ක්‍රමයෙන් අභාවයට පත්වේ. එහිදී ඉහත HR සටහනේ ප්‍රධාන අනුක්‍රමණයෙන් තාරකාව ඉවත්වෙයි. ඒබව ඉහත රූපයෙන් පහදා ගත හැකිය. පසුව තාරකාවේ ඉරණම තීරණය කරන්නේ තාරකාවේ ස්කන්ධය මතය.
අප සූර්යයා ගේ ස්කන්ධයට සමාන තරකා තම තරුණ අවධියෙන් පසු රතුයෝධ තාරකාවක් බවට පරිණාමය වෙයි. එහිදී තාරකාවේ බාහිර කබොල අධික ලෙස ප්‍රසාරණය වේ. ඒ අයුරින්ම අප සූර්යයාද යම් දිනක ප්‍රසාරණය වී පිපුරුමකට ලක්වනු ඇත. මෙම පිපුරුණ කබොලේ කොටස් විශ්වයට විසීරීයයි. මෙම බාහිර කබොල්ල ග්‍රහනිහාරිකාවක්(Nebula) බවට පත්වෙයි. මෙම ග්‍රහ නිහාරිකාව මධ්‍යයේ ඇති කුඩා තරුව සුදුවාමාන තාරකාවක් (White dwarf) බවට පත්වේ. බලල් ඇස නිහාරිකාව(Cat eye nebula), හෙලික්ස්නිහාරිකාව (Helix Nebula) යනු එවැනි ග්‍රහනිහාරිකා කීපයකි.
හෙලික්ස්නිහාරිකාව (Helix Nebula)
එසේම අප සූර්යයා ගේ ස්කන්ධයට අඩු එනම් සූර්යයාගේ ස්කන්ධය මෙන් අඩක් පමණ වන තාරකා තරුණ අවධියෙන් පසු කළුහෝ දුඹුරුවාමාන තාරකාවක් බවට පත්වී තාරකවේ ජීවිතය අවසන් කරයි.
අප සූර්යයාට වඩා ස්කන්ධාදික තරු තම තරුණ අවධිය පසුකර සුපිරි රතු යෝධ තාරකාවක් බවට පත්වේ(Red giant star) මෙම අවස්ථාවේදී තාරකාවක් සූර්යයාට සමාන ස්කන්ධයක් ඇති තාරකාවකට වඩා වැඩි ප්‍රමාණයකින් ප්‍රසාරණයවේ. එහිදී සිදුවන පුපුරායාම සුපිරිනෝවා පිපුරුමක් (Supernova) ලෙස හදුන්වන අතර එහිදී ඉතාවිශාල ශක්තියක් විශ්වයට මුදාහරී. වෘෂභ රාශියේ පවතින ක්‍රැබ් නිහාරිකාව (Crab nebula) මෙවැනි සුපිරිනෝවා පිපුරුමකට හොදම නිදසුනකි. එහිදී එම තාරකාවේ ශේෂ කොටස් නියුට්‍රෝන තාරකාවක් (Neutron Star) බවට හෝ ගුරුත්වය අධික කළුකුහරයක් බවට පත්වේ.එනම්,සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන් ගුණයකට ආසන්න හෝ ඊට වැඩි තාරකා කළුකුහර බවටත්,සූර්යයාගේ ස්කන්ධය මෙන් 1.4 ත් 3 අතර තාරකා නියුට්‍රෝන තාරකා බවටත් පත් වේ.
විශේෂ ස්තූතිය SKYLK වෙබ් අඩවිය වෙත ,මෙහි සම්පූර්ණ අයිතිය මුල් කතෘ සතුය
~~~SKYLK වෙබ් අඩවිය ගෙන එන ලිපි මාලාව~~~
දුරේක්ෂක් යනු………..,
දුරේක්ෂයක් යනු කෙටියෙන්ම හැදින්වූවහොත් දුර ඇති දේ ලංකර නිරීක්ෂණය කළ හැක. නමුත් එම නිර්වචනය එතරම් සාධාරන යැයි කීව නොහැක. ඒ කෙසේද යත් දුරේක්ෂයක් තුලින් ඊට වඩා වැදගත් තොරතුරු ලබා ගත හැකි බැවිනි.ඒ අනුව දුරේක්ෂක් යනු විද්‍යුත් චුම්භක තරංග ඔත්සේ වස්තුවක විවිධ වූ තොරතුරු ග්‍රහණය කරගන්නා මෙවලමක් ලෙස හැදින්වීමට වඩා සාධාරණ වේ.(ඇතැම් විට පොළව යට ස්ථාපණය කර ඇති නියුට්‍රිනෝ අනාවරකද දුරේක්ෂ ලෙස හඳුන්වයි.ඊට හේතු වන්නේ ඒවාද සූර්යයාගේ සිට පෘථිවියට පැමිනෙන නියුට්‍රිනෝ අංශු අනාවරනය කිරීමට නිර්මානය කර ඇති නිසාය ).
විද්‍යුත් චුම්භක වර්ණාවලිය (Electromagnetic Spectrum)
භූගත නියුට්‍රිනෝ අනාවරක (Neutrino Detectors)
දුරේක්ෂ වර්ගීකරණය……
17 වන ශතවර්ෂයේ මුල් කාලයේ සිට වර්ථක දුරේක්ෂ මඟින් ඇරඹි පසුව පරාවර්ථක දුරේක්ෂද, රේඩියෝ දුරේෂද ආදී ලෙස විවිධ ව්‍යුහයන් ( කාච සැකැස්ම, දර්පණ සැකැස්ම ලෙස ) යටතේ දුරේක්ෂයන් නිර්මාණය කෙරිණි.මෙසේ විවිධාංගීකරණය යටතේ දුරේක්ෂ නිර්මාණය වීමත් සමඟ ඒ පිළිබඳ කතා බහ කිරීමේදී අධ්‍යනය කිරීමේ පහසුව උදෙසා දුරේක්ෂ වර්ගීකරණය ලොවට බිහිවිය.
දුරේක්ෂ පිළිබඳ සමස්ත වර්ගීකරණය ඉදිරිපත් කිරීමට ප්‍රථම යමක් සඳහන් කලයුතුය. එනම් ලෝකයේ දැන්ට විවිධාකාරයේ වූ දුරේක්ෂ වර්ගීකරණයන් ඇති බවය.දුරේක්ෂ පිහිටි ස්ථාන අනුව ඒවා යමක් විශේෂයෙන් නිරීක්ෂණය කිරීමට නිර්මාණය කර ඇතිද යන්න ආදී පදනම් කරගෙන දුරේක්ෂ වර්ගීකරනයක් පවතී.උදාහරණ :
- පිහිටි ස්ථානය අනුව වර්ගීකරණය
අභ්‍යාවකාශ දුරෙක්ෂ / භූ දුරේක්ෂ / අහස මුදුනට යොමු වූ දුරේක්ෂ
- විශේෂයෙන් යමක් නිරීක්ෂනය කිරීම සඳහා
සූර්ය්‍ය දුරේක්ෂ / ග්‍රහලෝක නිරීක්ෂනය කරන දුරෙක්ෂ
මෙසේ වර්ගීකරණය කර ඇතත් මේවා සුළු වර්ගීකරණයන් වේ. නමුත් දුරේක්ෂ ගැන අධ්‍යනය කරන විට ප්‍රධාන වර්ගීකරණයට අමතරව මෙම සුළු වර්ගීකරණය පිළිබඳව අවබෝධ කරගෙන තිබීම වඩා පහසුවේ..
හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය
ග්‍රහලෝක නිරීක්ෂණය කරණ ස්පිට්සර් (Spitzer) අභ්‍යාවකාශ දුරේක්ෂය
ඇටකමා කාන්තාරයේ පිහිටි Very Large Telescope (VLT)
ප්‍රධාන වර්ගීකරණය
මෙහිදී ප්‍රධාන වශයෙන් දුරේක්ෂවල ව්‍යුහයන් කිරන සටහන් යොදා ගන්නා ප්‍රකාශ කොටස් (කාච, දර්පණ ) හා නිරීක්ෂණය කරනු ලබන්නේ කුමන තරංග විශේෂයද යන්න පදනම් කරගෙන මෙම වර්ගීකරණය ඉදිරිපත් කර ඇත.
විශේෂ ස්තූතිය SKYLK වෙබ් අඩවිය වෙත ,මෙහි සම්පූර්ණ අයිතිය මුල් කතෘ සතුය
Subscribe to:
Posts (Atom)














Social Media
Search