- Get link
- X
- Other Apps
Labels
අප රටේ විසූ රාවණ රජතුමා, රාම – රාවණ යුද්ධයෙන් මිය ගිය බව “රාමායනය” පැවසුවත්, රාමගේ හී පහරින් සිහි මුසපත් වූ රාවණා රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ “මහ කුඩුගල” කදු මුදුනේ සුරක්ෂිතව තැන්පත් කර ඇත.එම සිරුර ගංගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමෙන අතර ඊට පසු රාවණා රජුට නැවත සිහිය එන බවත්,සිහි ලැබූ රාවණා භාවනා කිරීමට හිමාල වනයේ “මහා දඹගස් අරණ”ට යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්ථයක දැක්වේ.දැනට සියවස් පහකට පෙර ලියා ඇති මෙම පුස්කොළ සටහන ඊට පෙර ලියා තිබුණ රන් පත් ඉරුවලින් උපුටා ගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.රාවණා රජුගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එළියේ හක්ගල කදු බැවුමේ පතොක් උයන මැද ඉතා ගෞරවනීය ලෙස තැන්පත් කර ඇති බවත්,එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභීෂන රජු විසින් බවත් එහි සදහන් වේ.රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම රන් මිරිවැඩිසගල සොයා ගත යුතු අතර,මෙම රන් මිරිවැඩිසගල අවුරුදු 95ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනත තබා ගෙන ශ්‍රී දේහය අසල තැබිය යුතු බවත් එම පත් ඉරුවල ඇත.
Popular Posts
පාලි සාහිත්‍යය පෝෂණය කළ ගිහි පඩිවරු
- Get link
- X
- Other Apps
Comments
Post a Comment