[ විශ්වයේ අබිරහස් 1] ලෝකයේ තිබූ ඉපැරණි ශිෂ්ටාචාර

[විශ්වයේ අබිරහස් 1]

ලෝකයේ තිබූ ඉපැරණි ශිෂ්ටාචාර   ගතහොත් ඒ කාලයේ තිබිය හැකියැයි පවා විශ්වාස කල නොහැකි සාධක හමූ වීඇත.මේවා අදටත් විශාල අභිරහසක් වී තිබේ.



දැනට හදුනාගෙන ඇති පෘතුවියේ තිබූ ශිෂ්ටාචාර කිහිපයක්


1)මිසර ශිෂ්ටාචාරය
2)අත්ලාන්තික් ශිෂ්ටාචාරය
3)මොහොන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරය
4)ජෙරිකෝ ශිෂ්ටාචාරය
5)හෙලදිව ශිෂ්ටාචාරය
6)මායා නවාජෝ ශිෂ්ටාචාරය
7)ඉන්කා ශිෂ්ටාචාරය
8)නස්කා ශිෂ්ටාචාරය
9)මායාන් ශිෂ්ටාචාරය
10)ඇස්ටෙක් ශිෂ්ටාචාරය
11)ග්‍රීක ශිෂ්ටාචාරය
12)රෝම ශිෂ්ටාචාරය
13)ලංකාවේ අනුරාධපුර පොලොන්නරුවේ පැවති ශිෂ්ටාචාර


මේවාට වඩා පැරණි ශිෂ්ටාචාර තිබූ බවට පුරාවිද්්‍යා කැනීම් වලදී සොයාගෙන ඇති බවට දැනගන්නට ලැබේ.මෙම පැරණි ශිෂ්ටාචාර වලින් හමුවූ නොයෙකුත් නිර්මාණ,බිතු සිතුවම් වලින් අතීතයේ එම ශිෂ්ටාචාර වල දියුනුව කියා පායි.තවද එම කාලයේ තිබුනා දැයි සිතීමට නොහැකි පුදුම දෑද හමු වී ඇත.බිතුසිතුවම් වල අභිරහස් යානා වල හා ජීවීන්ගේ ඇති රූප වලින් ඇතිවන සැකය වන්නේ අතීතයේ අප පිටසක්වල ජීවීන් සමග කිසියම් සම්බන්ධතාවයක් පැවතුනාද යන්නයි.



 මුලින්ම අපි පුරාණ කොලොම්බියාවෙන් සොයාගන්නා ලද රනින් නිම වූ අහස් යානාවක් යැයි සැලකෙන ආකෘතිය ගමු.මේ පින්තූර වලින් ඔබට පෙනෙන්නේ එම සොයා ගත් ආකෘතියන්ය.







හොදින් බැලූවිට එය වර්තමාන ජෙට් යානාවකට සමාන අංග එහි ඇති බව පෙනේ.මෙය ක්‍රිස්තු වර්ශ 800දී සෑදූවක් බව පිලි ගැනේ.එම කාලයේ මෙසේ ජෙට් යානාවකට සමාන ආකෘතියක් සෑදීමට මිනිසුන් පෙලබුනේ කෙසේද යන්න තවමත් සොයාගත් නොහැකී වී තිබෙන කරණකි.


 මෙය සුප්‍රසිද්ධ මායා ශිෂ්ටාචාරයට අයත් ගල් කැටයමක්.1952 වර්ශයේ සොයාගත් මෙම ගල් කැටයම"K'inich Janaab' Pakal" නමින් හැදින්වේ.මෙයින් නිරූපණය වෙන්නේ අභ්‍යවකාශ යානාවක් හා එය පදවන ගගනගාමියෙක් ලෙසයි සැලකෙන්නේ.නූතන අභයකාශ යානයක කොටස් මෙහි නිරූපනය වෙනවා.පහත රූපය බලන්න..





 මෙහි ඉන්නා මිනිසාගේ නාසයට අසලින් හුස්මගැනීමට ඔක්සිජන් ලබා ගන්නා ආකාරයත්,ඔහුගේ පාදයෙන් පැඩලයක් වැනි යමක් පාගන බවත්,ඔහුට පි‍ටු පසින් එම යානාවේ එන්ජිමත්,යානයෙන් පිටවන දුමත්,ඔහුගේ අතින් යම් යම් උපකරණ පාලනය කරන බවත් මෙහි දක්වා ඇති බව ඔබට පෙනෙනවා.(රවුම් සලකුනු කර ඇති තැන් බලන්න)පහතින් දක්වා ඇත්තේ එම ගල්කැටයමේ සැබෑ රූපයයි.





තවද ගගනගාමීන්ගේ අනුරූද අතීතයේ නිමවා ඇත.මෙසේ නූතන ගගනගාමීන් පලදින ඇදුමට හා හිස්වැස්මට සමාන ලෙස නිරූපණය කිරීමට පෙලබුනේ කෙසේද යන්න තවත් අභිරහසකි.පහත රූප වලින් එසේ සොයා ගත් ගගනගාමීන්ගේ අනුරූ  ඔබට දැකිය හැක.






 මෙය ග්වාතමාලවෙන් සොයා ගන්න ලද අභ්‍යවකාශ ගගනගාමියෙකුගේ අනුරුවකි.ඔලුව වටා ගගනගාමීන් භාවිතා කරන හිස්වැසුමකුත් හුස්ම ගැනීම සදහා නාසයට සමීපව යම් උපකරනයකුත් මෙහි දක්නට ඇත.මෙය ගල් කැටයමක් වන අතර මෙය නිර්මාණය කිරීමට හේතුව තවමත් නොවිසදී ඇති අභිරහසකි.

 Antikythera machine නමින් හදුන්වන මෙම වසර 2000ක් පමන පැරණි පරිඝනකයක් ලෙස හදුන්වනවා.මෙය තාරකාවිද්‍යත්මක ස්ථාන සොයාගැනීම සදහා නිපදවූ දෙයක් ලෙස පිලිගනී.මෙය ක්‍රියා කර තිබෙන්නේ නූතන ඔරලෝසුවක් මෙනි.මෙම තාක්ශණය කවරෙකුගෙන් ලැබුනාදැයි කිසිවෙකුටත් පිලිතුරු දීමට නොහැකි ප්‍රශ්නයකි.




මෙය The Istambul Rocket ලෙස හදුන්වයි.මෙය හමූවී තිබෙන්නේ තුර්කියේ ඇති පුරාවිද්්‍යා කෞතුකාගරයෙනි.මෙහි ඇති ආකෘතියට සමාන අයුරින් පහල චිත්‍රයකින් ඔබට දක්වා ඇත.ඒන් ඔබට මෙය වර්තමාන රොකට්‍ටුවක් යන සිතුවිල්ල ඇතිවනවා නිසැකය.නූතන රොකටයට සමාන මෙය හිතට ආ අදහසකින් නිර්මානය කල දෙයක් නොව බව විශ්වාසයෙන් කිවයුතුය.



ඉහත දේවල් එකල මිනිසුන් සිතුවිල්ලකට නිර්මණය කලදේවල්ද එසේත් නැත්තම් මේවා එකල මිනිසුන් හැබැහින් දු‍ටු බවට ඉතිරිව තිබෙන සාධකද..??එසේත් නැත්තම් පිටසක්වලින් අපිට ලැබුනු සාධකද..?මෙයට පිලිතුරක් සෙවීම අද තාක්ශණය සමග අභිරහසක් බවට පත් වී තිබේ.

මෙවැනිම ආකාරයෙන් විවිධ සිතුවම්ද ඇත.

 මෙය ඔස්ට්‍රේලියාවේ ගුහාවක තිබී හමූ වූ සිතුවමකි.මෙම සිතුවමේ ඉන්නේ අමුතුම ආකාරයේ ජීවීන් වැයි ඔබට පෙනේ.මොවුන්ගේ ඇස් හා නාසයන් අමුතුම ආකාරයෙන් පිහිටා ඇත.

 තවද හොදින් බැලූ විට මෙම ජීවීන්ගේ ඔලුව වටා යම් ආවරනයක් ඇති බව පෙනේ.මේවා අදින ලද පුද්ගලයන් සිතා මතා මෙය ඇන්දාද එසේත් නැත්තම හැබැහින් දු‍ටුදේ සිතුවමට නැගුවාද යන්න පිලිතුරක් නැති ප්‍රශ්නයකි.

 ඉතාලියේ Val Camonica නම් නගරයේ ගලක තිබී සොයා ගන්නා ලද මෙම සිතුවමේද ඔලුව වටා හිස්වැස්මක් පැලදගෙන සිටින ජීවීන් දෙදෙනෙක් සිටී.මොවුන් කවුද..??මෙසේ සිතුවමට නැගුවේ ඇයි..??යන ප්‍රශ්න වලට පිලිතුරු සෙවීමට නොහැකිව ඇත.

 14 වන ශතවර්ශයේ අදින ලද ක්‍රිස්තූන් වහන්සේ කුරුසයේ සිටිනා දැක්වෙන බිතු සිතුවමේ අහසින් යානාවක නැග ගමන් කරන මිනිසෙකු සිතුවමට නගා ඇත.රූපයට යටින් දක්වා ඇත්තේ එම රූපයේ දකුනු පසින් හා වම් පසින් දැක්වෙන යානා දෙකයි.මේ කාලයේ අහස්යානා ගැන අදහස මොවුන්ට ඇති වූයේ කෙසේද..??

 මෙම රූපයෙන් දැක්වෙන්නේ නස්කා කාන්තාරයේ ඇති රූපයකි.මෙහි ඇති රූපයේ සිටින්නේ අමුතුම ආඅකාරයේ ජීවියෙකි..මෙම සලකුනු දැකිය හැකි වන්නේ ඉහල අහසේ ගමන් ගන්නා විටයි.එකල මේවා ඇන්දේ කවුරුන් සදහාද..?

 ඇල්ජීරියාවෙන් ගල්ගුහාවක මීටර 6ක් පමණ උස ජීවියෙක් සිතුවමට නගා තිබී හමුවිය.මෙහි සිටින ජීවියාගේ හිස විශාල වන අතර එය කිසියම් සැරසිල්ලකින් සිතුවම් කර ඇත.තවද ශරීරයද විශාල වේ.බෙල්ල අසල කිසියම් ‍රැලි වැ‍ටුනු ස්භාවයක් ඇත.මෙයින් ගගනගාමියෙකු නිරූපණය වන බව පැවසෙයි.

 නේපාලයෙන් හමු වූ මෙම පීරිසි තැටියේ පුරාන නේපාල වැසියන් මෙම අභිරහස් පිටසක්වල ජීවීන් සිතුවමට නගා ඇති බව පෙනේ.පීරිසියක සිතුවමට නැගුවේ මොවුන් පියාබන පීරිසි වල නැගී මෙලොවට පැමින සිටි නිසාද..??එසේත් නැත්තම් එම ජීවීන් දැක තිබෙන නිසාද..එසේත් නැත්තම් හිතට ආ සිතුවිල්ලක් නිසාද..??

මෙය අවුරුදු 29000ක් පමන වන Tanzania වේ ගුහාවකින් හමු වූ සිතුවමකි.මෙහි කිසියම් පැතලි යානාවක් මෙන් වස්තුවක් සිතුවමට නගා ඇත.(කො‍ටු කර ඇති තැන් බලන්න)


තවද මෙසේ සිතුවම් රාශියක් ඇත.
 ඉහත ඇති රූපයේ රූපයේ කො‍ටු කල පෙදෙස පහත රූපය ලෙස විශාල කර බැලූවිට පියාබන පීරීසි මෙන් වස්තූන් දැකිය හැක.

 ඉහත ඇති රූපයේ රූපයේ කො‍ටු කල පෙදෙස පහත රූපය ලෙස විශාල කර බැලූවිට පියාබන පීරීසි මෙන් වස්තූන් දැකිය හැක.












 ඉහත සිතුවම් වලින් අපිට කිසියම් දෙයක් තේරුම් ගත හැකිය.ඒ ආදී මිනිසා මෙම පිටසක්වල ජීවීන් හා යානා පිලිබද දැන ගෙන සිටි බවයි.මෙම සිතුවම් හිතට ආ සිතුවිල්ලකින් අදින ලද ඒවා යැයි කිව නොහැක.අතීතයේ පිටසක්වල සමග සම්බන්ධයක් තිබුනාද..??යන ප්‍රශ්නය ඔබට දැන් ඇති වන්නට ඇති.මෙය අපිට මනකල්පිතයක් ලෙස බැහැර කිරීමට නොහැක....!
[මෙය උපුටා ගැනීමකි.කරුනාකර මෙහි කතෘ අයිතිය සුරකින්න..ස්තූතියි...ඔබට ජය....!]

Comments